October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ගම්මන්පිල පනී! හිටියනම් අද අත්අඩංගුවේ?

1 min read

හිටපු අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා, සති අන්ත පුවත්පතකට නාවික හමුදාපතිවරයාව සිටි අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව දෙනු ලැබූ ප්‍රකාශයක් පදනම් කරගෙන පසුගියදා රහස් පොලීසිය මගින් පරීක්ෂණයක් අරම්භ කර තිබුණි. ඒ අදාළ, පරික්ෂණයේ සාක්ෂිකරුවන්ට ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා විසින් බලපෑම් කරන බවට චෝදනා එල්ල කරමිණි. මේ පිළිබඳ වැඩිදුර විභාගය සඳහා අදාළ පුවත්පතේ සම්මුඛ සාකච්ඡාව සිදුකරන ලද මාධ්‍යවේදිනිය සමඟ පැය 2කකට වැඩි කාලයක් රහස් පොලීසිය මගින් මීට අදාළ ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණි. ඇය (මාධ්‍යව්දියා) රහස් පොලීසිය හමුවේ සාක්ෂි දෙමින් සිටින අතරතුර ද ගම්මන්පිල මහතා විසින් ඇයගේ දුරකථනයට දුරකථන ඇමතුමක් ලබා දී තිබේ. ඉන් පසුව ඇයගේ දුරකථනය රහස් පොලීසිය හමුවට භාරගත් අතර, එයද සාක්ෂිකරුවන්ට කරන ලද අනිසි බලපෑමක් යන චෝදනාවට ඉදිරිපත් කෙරුණි.

කෙසේ වෙතත්, රහස් පොලීසියේ සැළසුම වූයේ,  අද, අදාල පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා හා මාධ්‍යෙව්දිනිය වෙතින් ප්‍රකාශයක් සටහන් කරගෙන වහාම ගම්මන්පිල හිටපු අමාත්‍යවරයාව ඉහත චෝදනා පදනම් කරගෙන අත්අඩංගුවට ගැනීමයි. ඒ උසාවියේ නිවාඩු දමා ඇති මෙකල මේ හේතුන් මතම වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව කටයුතු කිරීමට සිදුවන බැවිනි.  අපගේ අරංචි මාර්ග පවසන්නේ ඊයේ රත්‍රියේදී උදය ගම්මන්පිල මහතා කිසියම් පෞද්ගලික කටයුත්තකට රටින් බැහැරව ගොස් තිබෙන බවයි. බොහෝ විට, අධිකරණ නිවාඩු කාලය අවසන්වීමට ආසන්නයෙහි ඔහු නැවත ශ්‍රී ලංකාව බලා පැමිනෙනු ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර අරංචි මාර්ග අනාවරණය කරයි.

දීපානන්ද කාරියප්පෙරුම

underground  මාණ්ඩලික වාර්තාකරු

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x