ගම්මන්පිලට එරෙහිව ICCPR පනත යටතේ පරීක්ෂණයක්! CID ය උසාවියට දන්වයි
1 min read
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව ICCPR පනත යටතේ පරීක්ෂණයක් සිදුවන බව රහස් පොලීසිය අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර ඇත. හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම ICCPR පනත යටතේ පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ.
මේ වන විට ගම්මන්පිල මහතා විදේශගතව සිටින අතර බොහෝ විට ඔහු මෙරටට පැමිණි පසු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණවීමට ඉඩ ඇතැයි නීති විශේෂඥයෝ පෙන්වා දෙති.
සම්පත් ජයතිලක
UNDERGROUND වාර්තාකරු