January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගමට යන්න එපා! රහස් පොලිසිය අනතුරු අඟවයි!

1 min read

ආණ්ඩුවේ දේශපාලනඥයන්ට ග්‍රාමීයව අවතැන් වූ ජනයා සිටින ස්ථානවලට සති කිහිපයක් යනතුරු නොයා සිටින්නැයි රහස් පොලීසිය සිය වාර්තාවක් මගින් ජනාධිපතිවරයා දැනුම්වත් කර තිබේ. මහජනතාව පසු වන්නේ ආණ්ඩුව සමඟ තදබල කේන්තියකින් බවත් එම නිසා ආණ්ඩුවේ දේශපාලඥයන් එබඳු ස්ථාන කරා යාමේදී මහජන ප්‍රහාරයට ලක් විය හැකි බවත් එම වාර්තාවෙන් අනතුරු අඟවා ඇත.

පසුගියදා අතුරුගිරිය තුන්අද හේන ප්‍රදේශයේදී ජවිපෙ නාගරික මන්ත්‍රීවරයකු මහජනතාවගේ පහර කෑමට ගොදුරුව තිබුණි. තවත් ස්ථාන කිහිපයකදී ආණ්ඩුවේ දේශපාලනඥයන්ට මහජනයා විසින් විරෝධතා පළකර පලවා හැර තිබුණි .

සමාජ මාධ්‍ය ඔස්සේ ද ආණ්ඩුවට එරෙහිව මතය වර්ධනය වී තිබේ. මේ නිසා සමාජ මාධ්‍ය පාලනයක් සිදු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත. අද (3)
සවස 5ට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපතිවරයා විසින් කැඳවා ඇත්තේ මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමටය.

රවිදු වික්‍රම ankaundergroundnews වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x