October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

කොළඹ ෂැම්පේන් සමාජවාදීන්! පෙන්ට්හවුස් මහල් නිවාසවල සිට සමානාත්මතාවය දේශනා කිරීම

1 min read


මේ ලිපිය මම ලියන්නට හිතුවේ නැති එකක්. මේ සති අන්තයේ මම ලියන්න හිටියේ නේපාලයේ මයිඩාන් නැඟිටීම ගැනයි. නමුත් රංගගේ කෝල් එක ඒ අදහස වෙනස් කළා. රංග කියන්නෙ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගන්න තම තරුණ ජවයම කැප කරපු කොල්ලෙක්. දැන් ඔහු මැදි වයසට ලං වෙමින් හිටියත් රංග ගැන මගේ හිතේ ඇදිල තියෙන්නෙ විසි වයසේ කොල්ලගෙ රූපයක්. මම ඔහුත් සමඟ වැඩ කරනකොට ඔහු හිටියේ ඒ වයසෙයි. අපි වසර ගණනාවකින් හමුවෙලත් නෑ, මාස හතරකටත් වැඩි කාලයක් තිස්සෙ කතා කරලත් නෑ.


තව එක දෙයක් කියන්න ඕනි. තවමත් ඔහු සමාජවාදයට ලෙන්ගතුයි. මාලිමාව වෙනුවෙන් පෙනී ඉන්නවා. කෙලින් අදහස් තියෙන කොල්ලෙක්.


“ප්‍රියන්ත අයියේ කොහොමද ඉතින්”. ඔහුගේ හඬ ඈතින් ඇදිල එනවා. “ වෙනසක් නෑ මල්ලී. ආණ්ඩුව හොරු අල්ලනවා. අපි අමාරුවෙන් ජීවත් වෙනවා”. මම එහෙම කිව්වෙම වෙනස් දේශපාලන කතාවකට අර අදිමින්. නමුත් ඔහුගේ ඊලඟ වාක්‍යය මම බලාපොරොත්තු වුණේම නැති එකක්.“ බලන්න අයියේ මේ වසන්තලා කරල තියෙන බලු වැඩේ. මට පුදුම කලකිරීමක් ඇති වුණේ. ඊටත් වඩා කලකිරෙනවා මුං මේවට උත්තර දෙන විදිහට”. රංග කතා කරගෙන යනවා. ඔහුගේ තරුණ ජවයත්, සමාජවාදය ගොඩනැඟීම වෙනුවෙන් ඔහු කරපු කැප කිරීමත් මට මැවිල පේන්න ගත්තා. තමන් ඉගෙන ගනිමින් හිටපු උසස් අධ්‍යාපනයත් නතර කරලයි ඔහු ජවිපෙ පූර්ණ කාලීන, වෘත්තීය විප්ලවවාදියෙක් විදිහට වැඩ කළේ. අනික ඔහුට තම පවුල ගොඩදාන්න පුළුවන්කම තිබුණු දක්ෂ කොල්ලෙක්. ඒ ඔක්කොම පුද්ගලික බලාපොරොත්තු අතහැරලයි ඔහු ව්‍යාපාරය වෙනුවෙන් කැප වුණේ. ඒ නිසා ඔහුගේ වේදනාව, කලකිරීම මගේ පපුවට අනින්න ගත්තා. “මුං කොහොමද අයියෙ, ෆුල් ටයිම් වැඩ කරන ගමන් කෝටි ගණන් හම්බ කරගත්තෙ. මං එකක් කියන්නම් අයියෙ, රටේ මිනිස්සු මොනවා හිතුවත්, පක්ෂෙ මිනිස්සුන්ගෙනම් පපුව හොඳටම රිදිල තියෙන්නෙ. ඒ අය සද්ද නොකර අයින් වෙලා යයි අයියෙ…. ” අපේ කතාව අතීතයටත්,වර්තමානයටත් යමින් එමින් ඇදිල ගියා.


ඇත්තටම රංග නියෝජනය කළේ අවංක පරිත්‍යාගශීලී මිනිසුන්ගෙ හඬයි. අනුර කුමාර දිසානායක,වසන්ත සමරසිංහ, විජිත හේරත්, ලාල් කාන්ත, බිමල් රත්නායක, නලින් ද ජයතිස්ස, සුනිල් වටගල ඇතුළු මාලිමා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙ වත්කම් අද මිනිසුන්ගෙ කතා බහට ලක්වෙලා තියෙනවා. මේක පොඩි මිනිසුන්ගෙ ආණ්ඩුවක් කියල මිනිස්සු විශ්වාස කරගෙන ඉන්න නිසත්, මැති ඇමැතිවරුත් “පොඩි මිනිසුන්ගේ පංතියේ” කියල මිනිස්සු විශ්වාස කරගෙන හිටිය නිසත් තමයි මේ අයගේ වත්කම් ගැන මෙච්චර ආන්දෝලනයක් ඇති වෙලා තියෙන්නෙ. ඇත්තටම, අවංක මිනිස්සුන්ගෙ පපුව හොඳටම රිදුනා මේ වංචාව නිසා. ඒ අය කවුද, ඔවුන්ගෙ උවමනාව මොකක්ද කියල මිනිස්සුන්ට දැන් දැනෙන්න පටන් අරන් තියෙනවා කියල මට හිතෙනවා. ඇත්තටම සමහර ප්‍රශ්නවලට උත්තර තියෙන්නෙ තර්කවල නෙවෙයි, කාලය මතයි.


මගේ ලිපිය ඉවර කරන්න කලින් තව පොඩි දෙයක් කියන්න ඕනි. අපි දැන් අත්විඳිමින් තියෙන දේ දේශපාලන න්‍යාය, ආචාර ධර්ම සහ ආර්ථික විද්‍යාව ස්පර්ශ කරන සංකීර්ණ ප්‍රශ්නයක් කියල කියන්න ඕනි. විප්ලවවාදී ඉතිහාසය පුරාම මේක කතා කරල තියෙනවා වගේම නායකයන්ගෙ මේ පරිහානිය නිසාම තමයි සමාජවාදී සෝවියට් දේශය කඩා වැටුණෙත්.


සමාජවාදී විප්ලවවාදී න්‍යාය තුළ, ඉලක්කය වන්නේ තනි විප්ලවවාදීන් පුද්ගලික ධනය අත්පත් කර ගැනීම නෙවෙයි. දැවැන්ත අසමානතාවයන් සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතිය තුරන් කිරීම සඳහා ආර්ථික ක්‍රමය පරිවර්තනය කිරීම තමයි සමාජවාදවාදයේ ඉලක්කය වෙන්නෙ.
ඒ නිසා සමාජවාදය දෙසට වැඩ කරන්න කැපවූ විප්ලවවාදියෙක් සාමාන්‍යයෙන්:
-පක්ෂයේ ඉලක්ක සඳහා ගැලැපෙන විදිහට සීමිත සම්පත් ටිකක් එක්රැස් කර ගනිමින් නිහතමානීව ජීවත් වෙනවා.

  • විප්ලවවාදී මූලධර්මවලට පටහැනිව පුද්ගලික ධනය ගොඩගසා ගැනීම ප්‍රතික්ෂේප කරනවා.
  • පෞද්ගලික දේපළ අත්පත් කර ගැනීමට වඩා සාමූහික අයිතිය කෙරෙහි අවධානය යොමු කරනවා.

  • ඇත්තටම රංග වගේ මිනිස්සු ජීවත් වුණේ මේ ගුණාංගත් එක්කයි. ඔහු අද ජීවත් වෙන්නෙත් එහෙම තමයි. එහෙම ජීවත්වෙන මිනිස්සු තව ගොඩක් ඉන්නවා කියලත් කියන්න ඕනි.
    මම මේ ලිපියට මාතෘකාව දැම්මේ, කොළඹ ෂැම්පේන් සමාජවාදීන්: පෙන්ට්හවුස් මහල් නිවාසවල සිට සමානාත්මතාවය දේශනා කිරීම කියලයි.

  • ෂැම්පේන් සමාජවාදීන් කියන්නෙ, පෞද්ගලික ධනය ගොඩ ගසා ගනිමින්, සුඛෝපභෝගී, ඉහළ පරිභෝජන ජීවන රටාවක් භුක්ති විඳින ගමන් සමාජවාදී ප්‍රතිපත්ති සහ ධනය නැවත බෙදා හැරීම වෙනුවෙන් පෙනී සිටින අයටයි.

  • පෙන්ට්හවුස් කියන්නෙ සුඛෝපභෝගී මහල් නිවාසවල ඉහළම මහලේ තියෙන අධි සුඛෝපභෝගී නිවාසවලටයි.

  • ජනාධිපති අනුර කුමාරගේ ඉදළ මාලිමා ආණ්ඩුවේ නායකයොත් මේ විදිහටම තමයි ජීවත් වෙන්නෙ. ඔවුන් ධනය ගොඩගසා ගනිමින්, අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන ගමන්, සමානාත්මතාවය දේශනා කරනවා. දේශනාවෙන් නතර නොවී පොඩි මිනිහගේ තුට්ටු දෙකටත් කෙලල තියෙනවා.

  • ප්‍රියන්ත මධුකුමාර

https://www.facebook.com/reel/1453491229246404

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x