November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

කොළඹ වරාය පුපුරවයි ද?

1 min read

පසුගිය ජූලි මාසයේ දී චීනයේ සිට යේමනය වෙත නැව්ගත කරනු ලැබූ නයිට්‍රික් අම්ලය සහිත බහාලුම් 4ක් කොළඹ වරායේ ගොඩ බා ඇත්තේ ප්‍රතිනැව්ගත කිරීම සඳහා ය. යේමනය යනු හවුති සටන්කාමීන් විසින් බලය පවත්වා ගෙන යනු ලබන රටකි. මේ හේතුකොට ගෙන ශ්‍රී ලංකවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ට දන්වා ඇත්තේ, අදාළ නයිට්‍රික් අම්ලය සහිත බහාලුම් 4 යේමනයේ හවුති සටන්කාමීන්ට අයත් බවත්, එම සංවිධානය මිසයිල සෑදීම සඳහා මෙම නයිට්‍රික් අම්ලය යොදා ගනු ලබන බවත් ය. ඒ අනුව අදාළ කන්ටේනර් 4 ප්‍රතිනැව්ගත කිරීමට ඉඩ නොදී විනාශ කර දමන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙරට බලධාරීන් වෙතින් ඉල්ලා තිබේ. පසුව, කැනඩා, සවුදි සහ ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාල විසින් ද එම බලපෑම ශ්‍රී ලංකා බලධාරීන්ට එල්ල කර ඇත.

නයිට්‍රික් අම්ලය වානිජ කටයුතු සඳහා ද යොදා ගනු ලබන ද්‍රව්‍යයකි. ව්‍යාපාරික ක්‍රමවේද තුළ නයිට්‍රික් අම්ලය ප්‍රවාහණයට අදාළව නිශ්චිත ක්‍රමවේද පවතී. එබැවින්, මෙම බහාලුම් 4 යේමනයට ප්‍රතිනැව්ගත නොකරන්නේනම්, ඒවා නැවතත් චීනයට ආපසු එවන ලෙස චීන බලධාරීන් ශ්‍රී ලංකා බලධාරීන් වෙත බලපෑම් කර තිබේ. එහෙත් ජාත්‍යන්තර නීතියට අනුව මෙම බහාලුම් 4 යළි චීනයට යැවීමට බාධා පවතින බව ශ්‍රී ලංකා බලධාරීන්ගේ මතය වී තිබේ. මෙම තත්වය තුළ පසුගිය ජූලි මස සිට මේ දක්වා අදාළ බහාලුම් 4 කොළඹ වරාය තුළ රඳවා තබාගෙන ඇත.

ජනප්‍රිය පුවත්  බොන් අගේන් CJ ශානිව කැඳවා දේශපාලන නඩු කඩිනම් කරන්නැයි දන්වයි!

මෙම බහාලුම් කොළඹ වරාය තුළ රඳවාගෙන තිබීම විශාල අනතුරකට අතවැනීමක් බව වරාය බලධාරීන් රජයට අනතුරු අඟවා තිබේ. මීට පෙර ලෙබනනයේ වරාය තුළ ගොඩ බා තිබූ මෙවැනිම කන්ටේනර් 6ක් හේතු කොටගෙන විශාල පිපිරීමක් හා ගින්නක් ඇති වූ බවත්, කොළඹ වරාය තුළ ද එබදු අනතුරක් ඇති වීමට මෙය හේතු විය හැකි බවත් එම බලධාරීන් පෙන්වා දී ඇත.

ලෙබනනයේ සිදු වූ පිපිරීමෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වූ අතර, ඩොලර් බිලියන කිහිපයක පාඩුවක් ඒ හේතුකොටගෙන ලෙබනනයට විඳින්නට සිදු වුණි.

රජත කුමාරපේලි underground වාර්තාකරු

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Themiya Thisera
Themiya Thisera
1 month ago

මුන් පුළුවන්නම් ඕකත් පුපුරවලා දායි

1
0
Would love your thoughts, please comment.x
()
x