March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කුලී නිවාස ව්‍යපාරය මහා සමාගම් අතට!

1 min read

ශ්‍රී ලංකාවේ නිවාස හා ගොඩනැගිලිවල පිහිටි කාමර හෝ නිවාස කොටසක් කුලියට දීමේ ව්‍යාපාරය, මහා පරිමාණ සමාගම් සුළුතරයක් අතට පත් කිරීමට ඉවහල් වන නව පනත් කෙටුම්පතක් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. කුලී නිවාස පදිංචිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යනුවෙන් හැඳින්වෙන මෙය අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර තිබේ.

ආණ්ඩුව පවසන්නේ මෙමගින් කුලී නිවාස හිමියාට, කුලී නිවාස පදිංචිකරුවාට එරෙහිව අත්තනෝමතික ලෙස බලපෑම් කිරීමේ හැකියාව අහිමි කරනු ලබන බවය. මෙම නව නීතියට අනුව ගිවිසුම්ගත මාස 3කට වඩා වැඩි කාලයක් පදිංචි වී සිටින කුලී නිවාස පදිංචිකරුවකුට එරෙහිව කුමන හේතුවක් නිසා හෝ නඩු පැවරීමකින් තොරව අදාළ නිවසින් ඉවත් කිරීමට නිවාස හිමිකරුවාට හැකියාවක් හිමි නොවේ. ඒ අනුව අදාළ කුලිය නිසි පරිදි නොගෙවා සිටිය ද, අදාළ ගිවිසුම් වගන්ති උල්ලංඝණය කරමින් කුලී නිවසේ රැඳී සිටිය ද කුලී නිවාස හිමියාට කළ හැක්කේ අධිකරණයේ පිහිට පතා යාම පමණි.

මෙමගින් සැබෑ ලෙසම සිදුවන්නේ තමන් සතු කිසියම් දේපළක් කුලියට ලබා දෙන එකී දේපළ හිමියන් ඒ සඳහා අධෛර්යයට පත්වීමය. අනෙක් අතට, අයුතු ලෙස බලපෑම් කරමින් එවැනි කුලියට භුක්ති විඳින පුද්ගලයන්ව ඒ සඳහා දිරිමත් කිරීමක් ද මේ මගින් සිදුවේ. තම දේපළ කුලියට ගත් කුලී නිවාස හිමියන් සමග උසාවි ගොස් නඩු කීමට විශාල මුදලක් වියදම් කිරීමට සෑම කුලී නිවාස හිමියෙකුටම හැකියාවක් නැත.

ජනප්‍රිය පුවත්  නන්දනගෙන් තවත් බෝම්බයක්! ටිල්වින්, ජගත්, මෙල්රෝයි ''නාසි" බලකායක්!

දැනට සිටින එවැනි ලක්ෂ සංඛ්‍යාත කුලී දේපළ හිමියන් මෙමගින් අධෛර්යයට පත්වන අතර, ඒ තත්වය තුළ ඔවුන්ට පිහිට ට එනු ඇත්තේ අලුතෙන් බිහිවන දේපළ කුලියට දෙන මහා පරිමාණ සමාගම් ය. තමන් කුලියට දීමට අදහස් කරන දේපළ අදාළ මහා පරිමාණ සමාගමට කුලියට දෙන්නට වෙන්නේ එම සමාගම තීරණය කරන අඩු මුදලකට ය. පසුව එම මහා පරිමාණ සමාගම විසින් අදාළ දේපළ වෙනත් පාර්ශවයකට වැඩි ලාභයක් තබාගෙන කුලියට දීම සිදුකරනු ඇත. එම සමාගම යටතේ නීති අංශයක් පවත්වාගෙන යාමට ද ශක්තියක් ඇති බැවින්, මතුවන ආරවුල් අධිකරණය හරහා විසඳා ගැනීමට එබඳු සමාගමකට අසීරු නැත.

ඒ මගින් කුලියට දෙනු ලබන දේපළ වල කුලිය හා නඩත්තු ගාස්තුව මෙමගින් දැනට පවත්නා මිල ගණන්වලට වඩා විශාල ලෙස ඉහළ යනු ඇත. මහා පරිමාණ ධනපතින් කිහිප දෙනෙකුගේ සමාගම් දෙක තුනක් යටතට මෙම ව්‍යාපාරය පත් කරනු ඇත. සුළු දේපළ හිමියන් එම සමාගම් දෙක තුනෙන් එකකට තම දේපළ අඩු මුදලට කුලියට දී සෑහීමකට පත්වන්නට සිදුවන ඉරණමට භාජනය වනු ඇත. අදාළ සමාගම අතරමැදියකු බවට පත්ව එම අතරමැදියා ලබා ගන්නා අතිශය විශාල ආදායම් පංගුව එකතු වීම හරහා කුලී දේපළ මිල දරාගත නොහැකි පමණට ඉහළ යාම නියත වශයෙන් සිදුවනු ඇත.

ජනප්‍රිය පුවත්  උතුරේ කුඩු ජාවාරම්කරු මාලිමා ෆහිම් මෙන්න !

පොදු ජනතාව ගැන කතා කරමින් බලයට පැමිණි ආණ්ඩුවක්, විශාල පිරිසක් අත රැඳී තිබූ ව්‍යාපාරයක් සමාගම් දෙක තුනක ඒකාධිකාරයක් බවට පත් කිරීමට යන්නේ කුමන ජාවාරම්කරුවන්ගේ වුවමනාව පරිදි ද යන්න සොයා බැලිය යුතුය.


එල්. සමරජීව

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x