January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කුලියාපිටිය පරිවාසයේ සිටි දැරියන් 13 දෙනකු පලාගිහින්

1 min read

කුලියාපිටිය කාන්තා පරිවාස මධ්‍යස්ථානයේ රඳවා සිටි දැරියන් 13 දෙනකු පෙරේදා (14 වැනිදා ) රාත්‍රියේ එම ස්ථානයෙන් පලාගොස් ඇත. පෙරේදා රාත්‍රි 7 ට පමණ ඔවුන් පරිවාස නිලධාරින්ගෙන් මිදී හොර රහසේම පරිවාස මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇති බව පැවසේ.

පසුව ඒ බව කුලියාපිටිය මූලස්ථාන පොලිසියට දැනුම් දී පලාගොස් සිටින දැරියන් පිරිස සොයා රාත්‍රියේම මෙහෙයුමක් දියත් කර ඇත. පොලිස් නිලධාරින් සමග පරිවාස නිලධාරින්ද එක්ව දියත් කළ එම සෝදිසි මෙහෙයුමේදී දැරියන් 13 දෙනාම කුලියාපිටිය පන්නල මාර්ගයේ ස්ථානයක එකට රැඳී සිටියදී සොයා ගැනීමට හැකිවී තිබේ.

පසුව එම දැරියන් පිරිස නැවත පරිවාස භාරයට ගෙන ඇති අතර ඔවුන් විවිධ හේතුන් යටතේ අධිකරණ නියෝග මත පරිවාස භාරයට පත්කර සිටින වයස අවුරුදු 10 ත් 16 ත් අතර වයසෙහි පසුවන ළාබාල දැරියන් බවද පැවසේ.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x