කුණ්ඩසාලේ සමුපකාර මැතිවරණයෙන් මාලිමාවට අන්ත පරාජයක්!
1 min read
මහනුවර : පසුගිය මැතිවරණවලදී කුණ්ඩසාලේ ආසනය තුළ අතිවිශාල ජනවරමක් ලබා ගෙන සිටි ජාතික ජන බලවේගයට (NPP) අද පැවැති කුණ්ඩසාලේ විවිධ සේවා සමුපකාර සමිතියේ නිලවරණයේදී දැඩි පසුබෑමකට මුහුණ දීමට සිදු විය.
වෙනස් වූ ජනමතය : මීට මාස කිහිපයකට පෙර පැවැති මැතිවරණවලදී මෙම බල ප්‍රදේශයේ 95% කට ආසන්න ඉහළම මනාප ප්‍රතිශතයක් මාලිමාව සතු කරගෙන තිබුණ ද, අද පැවැති සමුපකාර අධ්යක්ෂ මණ්ඩල නිලවරණයේදී එම තත්ත්වය සම්පුර්ණයෙන්ම කඩුලු වැටී තිබේ.
නිලවරණ ප්‍රතිඵලය : අද පැවැති ඡන්ද විමසීමේදී සමස්ත අධ්යක්ෂ ධුර 07 ම ජයග්‍රහණය කිරීමට විපක්ෂ කණ්ඩායම සමත් වූ අතර, ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායමට කිසිදු (0) ආසනයක් දිනා ගැනීමට නොහැකි විය.
ඉතා කෙටි කාලයක් තුළ මෙලෙස ජනමතය 95% සිට ශුන්‍යය (0) දක්වා පරිවර්තනය වීම පිළිබඳව මේ වන විට දේශපාලන කරළියේ දැඩි අවධානයක් යොමු වී ඇත.
