January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ක්‍රිකට් විනිසුරන්වත් මාලිමාවෙන්

1 min read

ඉතිහාසයේ ප්‍රථම වතාවට හුදු දේශපාලන වාසි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා අත්තනෝමතික ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු පත්කර ඇතැයි වාර්තා වෙයි.

සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු නීතිරීති සම්පූර්ණයෙන් උල්ලංඝනය කරමින් වත්මන් ආණ්ඩුව සමග සුහදතාව ගොඩනඟා ගැනීමේ අරමුණින් මෙම පත්වීම සිදුකර ඇති බවට විවේචනයට ලක්වෙමින් තිබේ. බොහෝ දක්ෂ විනිසුරු පිරිසකට අවස්ථාව අහිමි කරමින් පත්කර ඇති එම විනිසුරුවරයා ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චිගේ ඥාතිවරයෙකු බව වාර්තා වෙයි.

මෙයට පෙර ජාත්‍යන්තර තලයේ විනිසුරු තෝරා ගැනීම සඳහා ලොව දක්ෂතම විනිසුරුවරයෙකු වන කුමාර ධර්මසේන, ICC උපදේශක පීටර් මැනුවෙල්ගෙන් සමන්විත කමිටුවක් හමුවේ සම්මුඛ පරීක්ෂණයක් සිදුකළ ද මෙවර ඒ කිසිවක් සිදුනොකර මෙම දේශපාලන පත්වීම සිදුකර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Hasitha
Hasitha
3 months ago

ගහට ගහක් මොරටුවෙදි හම්බෙනවා වගේ හොරුන්ට හොරු එකතු වෙනව හරිම ෂෝක්

nishantha
nishantha
3 months ago

ස්වාධීන කරනවා කියන්නේ මේකට තමයි… ඔක්කොම මාලිමාවේ උනාම කිසි ප්‍රශ්නයක් නෑ සියලු ආයතන ස්වාධීනයි..

2
0
Would love your thoughts, please comment.x
()
x