කළු පාලමේ වැඩ නවති, මහනුවර කෝච්චිය තවත් ප්‍රමාදයි!
1 min read
පසුගිය දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ අධික වර්ෂා ජලයට හසුව හානියට පත් වූ පැරණි කළු පාලම ප්‍රතිසංස්කරණ කටයුතු හදිසියේ නවතා දමා ඇතැයි වැඩබිම් ආරංචි මාර්ග කියයි
මහා ජල කඳට හේතුවෙන් මහවැලි ගඟ හරහා ඉදි කළ වසර 150 ක් පමණ පැරණි යකඩ පාළමට (කළු පාළම) දැඩි හානි සිදුවිය.
ඇති වූ ගැටළු කාරි තත්වය නිසා අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු භාරව සිටි නිලධාරින් ඉංජිනේරුවන් ඉදිකිරීම් කටයුතු නවතා දමා ඉවත්ව ගිය බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
මෙම පැරණි පාළමේ ආධාරක කුළුණුවලට සවි කර ඇති ඉපැරණි ගල් ඉවත් කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අවසර ලබා නොදීමේ ගැටළු සහගත තත්ත්වය නිසා මැයි ,ජූනි වන විට ඉදි කිරීම් අවසන්කිරීමට නියමිතව පාළමේ වැඩ අවසන් කිරීම තවත් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මෙම පාළම කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අදාළ ඉදිකිරීම් ආයතන ,රාජ්‍ය නිලධාරින් ඉංජිනේරුවන් සහ සේවකයන් දිවා රාත්‍රී නොබලා වැඩ කළ නමුත් ඇතිවී තිබෙන තත්ත්වය නිසා පාළමේ ඉදිකිරීම් ප්‍රමාද විය හැකි බව එහි සේවය කළ පිරිස් පැවසූහ.
මේ හේතුවෙන් මාස කීපයක් තිස්සේ දුම්රිය ධාවනය රඹුක්කනට පමණක් සීමා වී ඇත.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
