March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කළු කුමාර දිෂ්ටියක් මට නෑ! මම ජාතික ජන බලවේගයේ කොළඹ පුරපතිනි

1 min read

පැලවත්ත යන වචනය කැත විදිහට භාවිත නොකරන ලෙසත් කිසිවෙකුගේ කළු කුමාර දිෂ්ටියක් තමන්ට නොමැති බවත් කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් පවසයි.

“පැලවත්ත කියන වචනය මේ සභාවේ දිගින් දිගටම කියනවා. අපේ දේශපාලනය වෙනස්. මම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මේ ආසනයට ආපු කෙනෙක්. මම ගන්නේ මගේ මන්ත්‍රිවරු 48 දෙනා සහ අපට සහාය ලබා දෙන මන්ත්‍රිවරු සහ මේ හැම දෙනාගෙම පැත්තයි.

හැබැයි මගේ දේශපාලනය වෙනස් වෙන්නේ නැහැ. අපට තියෙන්නේ මතයක්. ඒ මතය තමයි ඉදිරියට ගෙනියන්නේ. පැලවත්ත කියන වචනය කැත විදියට පාවිච්චි කරන්න එපා. කාගෙවත් කළු කුමාර දිෂ්ටියක් මට නැහැ. හැබැයි මෙතන වැඩ කරනකොට සමහර වෙලාවට ආවේගශීලි වෙනවා.”

පුරපතිනිය එලෙස ප්‍රකාශ කළේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රෝයි බෝගහවත්ත විසින් පුරපතිනි සභාවේ වැඩකරන්නේ පැලවත්තේ කළු කුමාර දිෂ්ටිය වැසී බවට සිදුකළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x