October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

කම්කරු වාසනා!

1 min read

වසන්ත සමරසිංහ තමන්ගේ වත්කම් ගැන කතා කරද්දි කියන්නේ ඔහු මේ වත්කම් උපයා ගත්තේ දේශපාලනයෙන් නෙවෙයි කියලා.

ඒ සඳහා ඔහු අපූරු තර්කයකුත් ගේනවා. එනම් තමන්ගේ වසර විස්සක දේශපාලනයේ 2025 ට පෙර ඔහු අමාත්‍යධූරයක් හෝ ආණ්ඩුවක නොසිටි නිසා මේවා තමන් හොරකමෙන්, වංචාවෙන් සහ දූෂණයෙන් අත්පත් කරගත් දේපළ නොවන බව ආඩම්බරයෙන් කියනවා.

මේකත් දේශපාලනය හරියට නොතේරෙන අතාර්කික මහජනයා ඉලක්ක කරමින් බැස්ස වූ තවත් එක් බෝලයක්.

දේශපාලනයෙන් හම්බ කරන්න ආණ්ඩු බලය ගන්න ඕනම නැහැ.

දේශපාලනයෙන් ආණ්ඩු බලය නැතිව, විපක්ෂයේ ඉදලත් හම්බ කරන්න පුලුවන්.

විශේෂයෙන්ම වෘත්තීය සමිති ‘ව්‍යාපාරයේ’ දී. වෘත්තීය සමිති ‘ව්‍යාපාරය’ ඉතාම ලාභ අධික, හොරකම් කිරීමට අවස්ථා වැඩි ක්ෂේත්‍රයක්.

එක් පැත්තකින් සමාජික ගාස්තු. හැම මාසෙටම රුපියල් 150 ක් , 200 ක් ආයතන ගණනක සේවකයන් ලක්ෂයකින්, දෙකකින් එකතු වෙද්දී එතන මාසිකව හැදෙන අරමුදල කෝටි ගානක්.

වෘත්තීය සමිති නායකයන් නඩත්තු වෙන්නේ මේ මුදල් වලින්.

ඔබට මතක නම් මෑතක දී ලීක් වූ රංජන් ජයලාල් ගේ හඬපටයේ දී විදුලි සේවකයෙක් කියනවා ‘ඔබගේ මෝටර් රථය පවා අරන් දුන්නේ අපි / අපේ මුදලින්’ කියලා.

වෘත්තීය සමිති ක්ෂේත්‍රය වැඩ කරන්නේ එහෙමයි.

මේ වෙද්දි ජවිපෙ තමන්ගේ වෘත්තිය සමිති ජාලය තවත් පුලුල් කරමින් ඉන්නවා.

ඔවුන් සෑම රජයේ කන්තෝරුවකටම පැනලා සේවක සභා හදමින් ඉන්නවා.

එක් පැත්තකින් එය ඔවුන්ගේ දේශපාලනික බලය වැඩි කිරීමට ගත් පියවරක්. අනෙක් පැත්තෙන් රුපියල් 150 / 200 බැගින් රාජ්‍ය සේවකයන් ලක්ෂ පහ, හයකගෙන් ගැලවීම විශාල මුදලක්.

මාසෙකට කෝටි ගානක්.

ඒ විතරක් නෙවෙයි. වෘත්තීය සමිති නායකයන්ට තව තවත් ආදායම් මාර්ග තිබෙනවා.

ඔවුන් වැඩ වර්ජන කරනවා කියලා ආයතන ප්‍රධානීන් බිය ගන්වලා එක මාසෙට මිලියන පහ, දහය ගන්නවා.

ධම්මික පෙරේරා තමන්ගේ ව්‍යාපාර හරහා ‘කප්පම්’ ගෙවීම ප්‍රසිද්ධ රහසක්.

අවසානයේ නිමල් පෙරේරාට, වසන්ත හරහාම තමන්ගේ ගෙවල් විකුණලා ඕස්ට්‍රේලියාවට පනින්න වුණා.

ඒ විතරක් නෙවෙයි.

කොස්සක්, අවුලක් තියෙන ව්‍යාපාරයක් හොයාගෙන, ඒ ව්‍යාපාරයට එරෙහිව නඩු දාලා, නඩුව අතරමැදදී ‘කප්පම්’ අරගෙන නඩුව ඉල්ලා අස් කර ගැනීමත් හොඳ ව්‍යාපාරයක්.

වසන්ත විසින් ලංකා ට්‍රාන්ස්ෆෝර්මර්ස් සමාගමට එරෙහිව දැමූ නඩුවක් අතරමැදදී ඉල්ලා අස් කරගත්තා.

එය වසන්තට දිනිය හැකිව තිබූ නඩුවක්. අවසානයේ සමාගමට ලාභයක් අත් වුණා. ඒ වෙනුවෙන් ඔවුන් ගෙවූ මිල දන්නේ සමාගම සහ වසන්ත ලා පමණයි.

මේ ආකාරයේ උපයන කෝටි ගණනක මුදල බෙදෙන සූත්‍රයක් තිබෙනවා.

එතනදි වැඩි කොටසක් පක්ෂයට යනවා. එමෙන්ම වෘත්තීය සමිති මෙහෙයවන පුද්ගලයාටත් කොමිස් එකක් යනවා.

අද වෘත්තීය සමිති නායකයන් යනු ‘කොමිෂන්’ එකකට මුදල් උපයන ‘සේල්ස් පීපල්’ ලා.

මේක පැහැදිලිව හොරකමක්.

‘කප්පම්’ වැඩේදි ව්‍යාපාරිකයො කප්පම් ගෙවන්නේ තමන්ගේ ලාභයෙන් නෙවෙයි.

සේවකයන්ට වැටුප් වැඩි කරන්න, බෝනස් ගෙවන්න තියෙන සල්ලි වලින්.

අවසානයේ වැඩි හොඳට වෘත්තීය සමිති හදාගත්තට, ඒකේ පාඩුවත් සේවකයන්ටමයි.

නමුත් අතීතයේ සිටි වෘත්තීය සමිති නායකයන් ‘මේ ව්‍යාපාර’ කළේ නැහැ.

එම නිසා ඔවුන්ට දේශපාලනය කරලා අවුරුදු විස්සක් අවසානයේ, ‘පරම්පරාවෙන්’ එකතු වෙච්ච දේපළ තිබුණේ නැහැ.

ඒවාත් දේශපාලනය වෙනුවෙන් දිය කර තිබුණා.

අතීතයේ වෘත්තීය සමිති මෙහෙය වූ මිනිසුන් තමන්ගේ ඇත්ත පුද්ගලික දේපළ පවා විකුණා දමා දේශපාලනය කළා.

කොල්වින් ලා, එන් එම් ලා සැබෑ පාරම්පරික ධනවතුන්. නමුත් ඔවුන්ගෙන් බහුතරය මිය ගියේ ධනවතුන් විදියට නෙවෙයි.

හැබැයි අන්ත ග්‍රාම්‍ය, දුප්පත් පවුල් පරිසර වලින් ඇවිල්ලා, කීයක් හරි හොයාගන්න කෝච්චියේ වඩේ සිගරට් විකුණලා , සිකුරුටි ජොබ් කරපු මිනිස්සු පාරම්පරික සල්ලිකාරයො කීම විහිලුවක්.

පාරම්පරික සල්ලිකාරයො තමන්ගේ දරුවා කෝච්චියේ වඩේ විකුණන්න, සිකුරුටි රස්සා වලට යවන්නේ නැහැ.

එමෙන්ම වසන්ත තමන් මෙතෙක් ආණ්ඩු බලයක් නොදැරූ නිසා මේ වත්කම් ‘හොරකම් නොකළ’ දේ බව ආඩම්බරයෙන් කීම විහිලුවක් සහ තක්කඩි කතාවක්.

නැවත නැතතත් කියන්නේ දේශපාලනයේ හොරකම් කරන්න ආණ්ඩු බලය ගන්න ඕන නැහැ.

විපක්ෂයේ ඉදලා වෘත්තීය සමිති පටන් ගත්තොත්, ලංකාවේ ලොකුම බිස්නස් ටික අස්සට රිංග ගත්තොත් කැබිනට් ඇමති ධූරයකට වඩා ‘හොරකම්’ කිරීමට පහසු සහ ආරක්ෂිත අවස්ථා එහි තියෙනවා.

වසන්තලාගේ දේපළ සහ වත්කම් ගැන ඉතාමත් විනිවිදභාවයෙන් යුතු, සැබෑ පරීක්ෂණයක් අවශ්‍ය ඒකයි.

සචින් රත්වත්තේ

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x