කන්කසන්තුරේ වරායත් ඉන්දියාවට!
1 min read
ඩොලර් මිලියන 63.5ක ආයෝජනයක් සිදු කරමින් කන්කසන්තුරේ වරාය සංවර්ධනය කොට තම සමාගමක් යටතේ එය පාලනය කිරීමට ඉන්දීය රජය ශ්රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.
අදාළ යෝජනාව තුළ දැක්වෙන්නේ වසර 10ක කාලයක් පාලනය කිරීමට වුවත්, වරාය අරංචි මාර්ග පවසන්නේ එය වසර 10කින් නොනැවතී නැවත දීර්ඝ කෙරෙන හිමිකර ගැනීමක් වනු ඇති බවයි.
මෙම එකඟතාව පරිදි මේ වන විට ජනාධිපතිවරයාගේ නියමය මත ශ්රී ලංකා වරාය අධිකාරිය මගින් කන්කසන්තුරේ වරායෙ වටිනාකම තක්සේරු කිරීම සිදු කරමින් තිබේ. එම තක්සේරු වටිනාකම ලබා ගැනීමෙන් පසු, එම වටිනාකමට වැඩි මුදලක් ආයෝජනය කර කන්කසන්තුරේ වරාය තම පාලනය යටතේ තබා ගැනීම ඉන්දියානු උවමනාව වී තිබේ.
ශ්රී ලංකාව සිය ග්රහණයට නතු කර ගැනීමේ සැළසුමට අනුව සිදුවන මේ ක්රියාදාමය, ටිල්වින් සිල්වා ගේ ඉන්දියානු සංචාරය හා ලබන 19 වැනිදා සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ සංචාරය සමග වේගවත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

පුබුදු පතිරණ
