March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් අවදානමක?

1 min read

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා මහතා අනතුරු අඟවා තිබේ.

ඔහු සඳහන් කරන්නේ, සාමාජික රටවල් කිහිපයක් විසින් අනිවාර්ය දායක මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවය.

මෙම මූල්‍ය අර්බුදය තවදුරටත් ගැඹුරු වෙමින් පවතින අතර, එය එක්සත් ජාතීන්ගේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බරපතළ බලපෑම් එල්ල කරන බව ගුටේරෙස් මහතා පෙන්වා දී ඇත.

වත්මන් තත්ත්වය දිගටම පැවතුණහොත් ලබන ජූලි මාසය වනවිට සංවිධානයට මුදල් හිඟ වීමේ අවදානමක් පවතින බවද ඔහු අවධාරණය කර ඇත.

සාමාජික රටවල් 193කට යොමු කළ ලිපියකින්, අදාළ රටවල් තමන්ට අයත් අනිවාර්ය දායක මුදල් වහාම ගෙවීමට හෝ, එක්සත් ජාතීන්ගේ මූල්‍ය නීති හා ක්‍රමවේදයන් සංශෝධනය කිරීමට එකඟ විය යුතු බවද මහලේකම්වරයා දැනුම්දී ඇත.

එසේ නොවුවහොත්, එක්සත් ජාතීන්ගේ සමස්ත ක්‍රියාකාරිත්වය බිඳ වැටීමේ දැඩි අවදානමක් පවතින බවද ඔහු අනතුරු අඟවා තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x