October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුව උසාවියේ හදිසි මාරුවීම් අත්හිටුවයි! අගවිනිසුරු කිපෙයි!!

1 min read

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ප්‍රධානියා හා අග්‍රවිනිශ්‍යකාරයා මෙන්ම අධිකරණ සේවා සංගමයේ ප්‍රධානියා සමඟ එක්ව පසුගිය සඳුදා සිට ක්‍රියාත්මක කිරීම අරමුණු කොටගෙන දැනට මහෙස්ත්‍රාත් හා ඊට ඉහළ උසාවිවල සේවයේ නියුතු විනිසුරු, විනිසුරියන් 50කට අධික පිරිසකගේ නාමලේඛනයක් හදිසි මාරුවීම් ලෙස අනුමත කර ක්‍රියාත්මක කිරීමට සකස් කර තිබේ. මේ බව underground මගින් කිහිප වතාවකදීම පෙන්වා දී තිබුණි.

නමුත් මේ ආකාරයේ තොග වශයෙන්  ”මාරු කිරීම්” මීට පෙර අධිකරණ ඉතිහාසයේ කිසිදා සිදුව නැති බැවින්, එය ස්වාධීනව කටයුතු කරන අධිකරණ විනිසුරන්ගේ ඉමහත් කණස්සල්ලට හා අප්‍රසාදයට ලක් විය. මෙම හදිසි ”තොග මාරුවීමට” ලක් වූ විනිසුරු විනිසුරියන්ට නොනිල වශයෙන් මේ බව දැනගැනීමට ලැබී තිබුණත්, තවමත් එය නිළ වශයෙන් දන්වා නැත. අධිකරණ ආරංචි මාර්ග පවසන්නේ, මේ සම්බන්ධයෙන් තමන් දන්නා කියන ආණ්ඩුවේ ඇතැම් ප්‍රධානීන් අමතා මෙම මාරුකිරිම් වලට ලක්ව ඇති විනිසුරු – විනිසුරියන් එහි ඇති හානිකර බව ආණ්ඩුවට විවිධ මාර්ග ඔස්සේ පෙන්වා දීමට ක්‍රියාකිරීමය. මේ නිසා, වහාම ක්‍රියාත්මක වූ ආණ්ඩුවේ ප්‍රධානීන් අදාළ ”මාරු කිරීම” තාවකාලිකව අත්හිටුවා ඇත. එහෙත්, කොළඹ ඇතුළු තීරණාත්මක වැදගත් වන අධිකරණයන් කිහිපයක් සඳහා තමන්ට බෙහෙවින් අවනත විනිසුරුවරන් කෙසේ හෝ පත්කර ගැනීමට ඇති ඔවුන්ගේ උත්සාහය ද නතර වී නැත.

මේ පිළිබඳ බලවත් සේ උරණ වී සිටින අගවිනිසුරුවරයා, තමා සද්භාවයෙන් ගන්නා ලද පියවර කෙරෙහි ආණ්ඩුවේ ඉහළ ප්‍රධානීන්ට විශ්වාසයක්නොවේනම්, කැමති දෙයක් සිදු කරනා ලෙසද තරමක අප්‍රසාදයෙන් යුතුව දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්අධිකරණය හා ආණ්ඩුව අතර අභ්‍යන්තර ගැටුමක්ද මේ මගින් අලුතෙන් නිර්මාණය වී තිබේ. මෙය කවර දිශාවකට ගමන් කරනු ඇත්දැයි අප තවදුරටත් විමර්ශනාත්මකව අධ්‍යනය කළ යුතුය.

underground අධිකරණ වාර්තාකරු

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x