January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උතුරේ මහ විරු සැමරුම් ජයටම… ප්‍රධාන සැමරුම වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළේ….!

1 min read

උතුරේ ජනතාව මහවිරු සැමරුම් පැවැත්වීම් පසුගිය 20 වෙනි දා ආරම්භ කොට තිබේ.

මෙම මහවිරු සමරු උළෙලවල් 27 වෙනිදා දක්වා පැවැත්වෙන අතර මේ කාලයෙදි තමන්ගේ නිවෙස්වලට ආසන්නයේ පිහිටි සුසාන භුමිවලදී හෝ ප්‍රජා ශාලාවලදී යුද්ධයෙන් මිය ගිය පිරිස සමරා ඉටිපන්දම් පහන් දල්වා යුද්ධයෙන් මිය ගිය අයගේ ඡායාරූපවලට මල් මාලා පලඳවනු ලබයි.

ප්‍රධාන මහවිරු සමරු උළෙල 27 වෙනිදා සවස ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් ජීවිතක්ෂයට පත් වූ මුලතිව් වෙල්ල මුල්ලිවයිකාල් විශේෂ ස්මාරකය අබියසදී පවත්වනු ලබන අතර ඊට ප්‍රධානත්වය ගනු ලබන්නේ යාපනය විශ්ව විද්‍යාලයයි.

එසේම යාපනය විශ්වවිද්‍යාලය තුළ ද මෙවරත් මහවිරු සැමරුම් උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ප්‍රාදේශිය වාර්තාකරු

Lanka Underground

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x