ඊශ්‍රායල අගමැති නෙදන්යාහු කෝ ?
1 min read
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ ආරක්ෂාව සහ වත්මන් තත්ත්වය පිළිබඳව විදෙස් මාධ්‍ය කිහිපයක් අතර ප්‍රශ්නාර්ථයක් මතුව තිබේ.
නෙදන්යාහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ පසුගිය 28 වැනිදාය.
එදින ඔහු ප්‍රකාශයක් කරමින්, ඇමෙරිකා-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර නායකයා මරණයට පත්වූ බව සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.
ඉන් අනතුරුව ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති අතර, නව ප්‍රකාශ හෝ නිල වීඩියෝ පණිවිඩයක් ද ඊශ්‍රායල රජය හෝ එරට ප්‍රධාන මාධ්‍ය මගින් නිකුත් කර නොමැති බව සඳහන් වේ.
මේ අතර, ටෙල් අවීව් නගරයේ පිහිටි නෙදන්යාහුගේ කාර්යාලය ඉලක්ක කර ඉරානය ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා වෙයි. එම ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍යවරයා තුවාල ලැබූ හෝ මියගොස් ඇති විය හැකි බව ඉරානය පාර්ශ්වයෙන් ප්‍රකාශ කර ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
එසේ වුවද, වෙනත් මාධ්‍ය වාර්තා කිහිපයකින් කියවෙන්නේ නෙදන්යාහු එම ප්‍රහාරයෙන් ආරක්ෂිතව දිවි ගලවාගෙන ඇති අතර, ඔහු ජර්මනිය වෙත ගොස් ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින බවයි.
මෙම වාර්තා පිළිබඳව මෙතෙක් ඊශ්‍රායල රජය නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, ඒ හේතුවෙන් විවිධ අනුමාන හා අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන තත්ත්වයක් ද දැකගත හැකිය.
ඒ අනුව, නෙදන්යාහුගේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් ලැබෙන තුරු, පළවන වාර්තා පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් බව විචාරකයින් පෙන්වා දෙයි.
පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!
