ඊලඟ NPP පත්කළ සභාපතිත් ඉල්ලා අස්වෙයි!
1 min read
මීට වසර ගණනාවකට පෙර වසා දමා ඈවර කිරීමට තීරණය කර තිබූ, මේ වන විට මහත් ලාබ ලබන රාජ්‍ය ආයතනයක තත්ත්වයට පත්ව තිබෙන ජ.න.ව.ස.ම ආයතනයේ NPP ආණ්ඩුව විසින්ම පත්කළ සභාපති ජයන්ත තිලකරත්න මහතා ඉල්ලා අස්වී තිබේ.
තම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාට ලබාදුන් බවද ඒ මහතා පවසා තිබේ.

ඉල්ලා අස්වීමට බලපෑ සැබෑ හේතුව මාධ්‍යයට අනාවරණය කිරීම අනවශ්‍ය බවද ඒ මහතා පවසා සිටියේය. මේ මහතා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පත් කෙරුණේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේය. ඉල්ලා අස්වන සභාපතිවරයා කිසිවක් ඒ පිළිබඳව මාධ්‍යයට ප්‍රකාශ නොකළත් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරන්නේ, දැනට ඒම ආයතනය විසින් නඩු පවරා ඇති අන්ත දූෂිතයකුට විරුද්ධව පණවා ඇති නඩුව ඉවත් කර ඔහුව නැවත සේවයට ගෙන ඒමට මෙම සභාපතිවරයා, මෙන්ම ආයතනය ගොඩනැගීමට ඉකුත් වසර ගණනාවක පුරා කැපවීමෙන් ක්‍රියා කළ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් ධර්මසේන යන අය ඇතුළු සියලු සේවකයින් දැඩිව විරුද්ධවීම බව වාර්තා වේ.
ආයතනයේ ප්‍රධානීන්ට එරෙහිව අභූත චෝදනා එල්ල කරමින්, විවිධ දූෂණ ක්‍රියාවන්හි නියැලුණු මෙම පුද්ගලයා සම්බන්ධව ආයතන මට්ටමින් පරීක්ෂණ සිදුකර ඒවාට ඔහු වැරදිකරු වීමෙන් පසු, ආයතනයෙන් නෙරපා හැරීම පිණිස මෙම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ජනවසම ආයතනය තීරණය කර තිබේ. එහෙත්, පසුගිය මහමැතිවරණයේදී මෙම පුද්ගලයා කඩුවෙලින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අසිත නිරෝෂන් මන්ත්‍රිවරයාගේ හා කෞෂල්‍යා ආරියරත්න මන්ත්‍රීවරියගේ සමීප ආධාරකරුවකු ලෙස ක්‍රියා කර තිබේ. එම දෙදෙනා හරහා සමන්ත විද්‍යාරත්න වෙත දිගින් දිගටම ඉල්ලීම් කර ඇත්තේ , අදාල නඩුව ආයතනයෙන් ඉවත් කර තම හිතවතාට නැවත ජ.න.ව.ස.ම සේවකයකු ලෙසින් ක්‍රියා කිරීමට අවස්ථාව සළසා දෙන ලෙසය. විටෙක මෙම ඉල්ලීම අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කරන දිගු කාලීන ජ.වි.පෙ. හිතවතෙකු වූ ප්‍රභාත් චන්ද්‍රකීර්ති අධ්‍යක්ෂක වෙතින් ඉල්ලා තිබේ. ඒහෙත්, නීතිපති දෙපාර්තමේන්තුවේ මීට අදාළ උපදෙස් ගනිමින් ක්‍රියා කළ අධ්‍යක්ෂ ඇතුළු බලධාරීන් මෙම වැරදි බලපෑමට යටත් වී නැත. කේ.ජී. නේපාල නැමැති මෙම චෝදනාවන්ට ලක්ව තිබෙන සේවකයා මීට පෙර අවස්ථා කිහිපයකදීම විවිධ චෝදනා යටතේ ආයතනයේ වැඩ තහනමට පවා ලක්වුවෙකි.

වසා දැමීමට නියමිතව තිබූ ආයතනය නවීන් දිසානායක විෂය බාර අමාත්‍යවරයාව සිටි සමයේ “වසරක් ඇතුළත ගොඩගන්නම්! ඊට ඉඩ දෙන්න!” යන ඉල්ලීම යටතේ අධ්‍යක්ෂ ධුරයට පත්කර ඇත්තේ ප්‍රසාද් ධර්මසේන නැමැති තරුණ උපාධිධාරියාව ය. මිලියන 8ක පමණ සීමිත ආදායමක කොටු වී සිටි මෙම ආයතනයේ විශාල අභ්‍යන්තර වෙනස්කම් සිදුකර, මේ වන විට මිලියන 250-300 අතර ප්‍රමාණයක් ආදායම් උපදවන ආයතනයක් බවට පත්කර ඇත්තේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සේවක මණ්ඩලය මගිනි. මේ ආයතනය හා බැඳුණු පෞද්ගිලක අංශයේ වතු සමාගම් 20කට වැඩි සංඛ්‍යාවකගේ ඉමහත් විශ්වාසය දිනාගෙන ඇති ජ.න.ව.ස.ම පුහුණුව ලබන සෑම සිසුවකුටම කේෂ්ත්‍රෙය් වටිනා රැකියාවක හිමිකම සුරක්ෂිත වී තිබේ. NPP ආණ්ඩුව විසින් පත්කරන ලද, පසුගියදා ඉල්ලා අස් වූ නව සභාපතිවරයා ද ආයතනයේ මෙම යහපත් තත්වය තේරුම්ගෙන අමාත්‍යවරයාගෙන් හා අමාත්‍යෘංශ ලේකම්වරයා වෙතින් එන වැරදි බලපෑමට එකඟ නොවී ක්‍රියා කර ඇති බව සේවක මහත්ම මහත්මීන්ගේ මතය වී ඇත. දිගින් දිගටම ඇමතිගෙන් හා අමාත්‍යාංශ ලේකම්ගෙන් වන වැරදි බලපෑම් හමුවේ අසරණ වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැන් වැටුප් රහිතව නිවාඩු ලබා විදේශ ගතවීමට තීරණය කර තිබෙන බවත්, සභාපතිවරයා ද ඒ් අනුව ඉල්ලා අස්වී තිබෙන බවත් පැහැදිළිය. ඒ අනුව, තමන්ට අභිමත සභාපතිවරයකු හා අධ්‍යක්ෂ ජනරාල්වරයකු අභිනවයෙන් පත් කරගෙන චූදිත දූෂිතයාට එරෙහිව ඇති නඩු වෙතින් ඔහු ඉල්ලා අස් කරවා ජ.න.ව.ස.ම. නැවත වසා දැමීමේ ආයතනයක ඉරණම කරා ඇදගෙන යාම විද්‍යාරත්නලාගේ දූෂිත මෙහෙයුම මගින් සිදුවනු ඇති බව සේවක මතය වී තිබේ.