ඊබ්‍රහිම්ගේ රන් භාණ්ඩ, මැණික් ඇතුළු දේපළ මුදාහරි!
1 min read
තම පුතුන් දෙදෙනාව මරාගෙන මැරෙන අපරාධකරුවන් බවට පත්කළ හා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සඳහා දායක වූ ඊබ්‍රාහිම් ඉල්හාම් ගේ දෙමටගොඩ නිවසේ තිබී අත්අඩංගුවට ගත්, රන් භාණ්ඩ, මැණික් හා සියලු දේපළ ඔහුගේ සහෝදරයා වන ඉෆ්ලාල් අහමඩ් වෙත සතියක් ඇතුළත මුදා හරින්නයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (25) නියෝග කලේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම තීරණය පිළිබඳව විරෝධය පළ කිරීමට හා ඊට අදාළ වාර්තාවක් ඉදිරිපත් කිරීමට උසාවිය කාලය ලබා දී තිබුණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වා නැත .
ඒ හේතු කොටගෙන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව සතියක් ඇතුලත ඉබ්රාහිම්ගේ සියලු රාජතාන්ත්‍රික කළ දේපල ඔහුගේ සහෝදරයා වෙත ලබාදීමට රහස් පොලීසිය කටයුතු කරනු ඇත.
අධිකරණ වාර්තාකරු.
