January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉල්ලන් කෑම!

1 min read

දැන් අප ඉන්නේ 1505 ද? මේ ඇවිද යන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරිය
ද?

විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ට ඔහු ඇය රාජකාරිය කරන රට තුළ වන ආරක්ෂක
හමුදා සමග සෘජු සම්බන්ධතා පැවැත්වීමට කිසිදු ස්වෛරී රාජ්‍යයක් ඉඩ දෙන්නේ නැත. එයට
හේතුව අදාළ රාජ්‍යයේ ආරක්ෂක හමුදා විවිධ බාහිර අරමුණු වෙනුවෙන් යොදා ගැනීමට අවකාශය
විවෘත කිරීම භයානක ප්‍රතිවිපාක ගෙන දෙන ක්‍රියාවක් වන බැවිනි.

ඇමරිකා එක්සත් ජනපදය යනු සාමාන්‍ය රාජ්‍යයක් නොවේ. තමන්ට අවශ්‍ය ඕනෑම
රාජ්‍යයක් ඇතුළතින් බිඳවට්ටවා තම රූකඩ රාජ්‍යයක් බවට පත්කර ගැනීමට ක්‍රියා කිරීමේ දිගු
ඉතිහාසයක් ඇමරිකා එක්සත් ජනපදය සතුය. එවන් රටක තානාපතිවරියක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක
හමුදා සමග නිදහසේ සබඳතා පැවැත්වීම සුළු කොට තැකිය හැක්කක්ද?

එය ‘‘ඉල්ලන් කෑමක්“ නොවිය හැක්කේ කෙසේද? එවන් නිදහසක් ඇමෙරිකා එක්සත්
ජනපද තානාපතිනියට හිමිව ඇත්තේ ඇය දැන් නොනිල වශයෙන් ශ්‍රී ලංකාවේ අග්‍ර
ආණ්ඩුකාරවරිය බවට පත්ව සිටින නිසාද?

පුනරුදේ

පුනරුදේ

underground

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x