November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දුනීසියාවේදී ඇල්ලු පාතාල සාමාජිකයන්ගේ පොතෙන් සල්ලි දුන් කට්ටිය හෙළිවේ!

1 min read

පසුගියදා රහස් පොලීසිය විසින් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයන් සතුව තිබූ පොතක, එම පිරිස විසින් මුදල් ලබාදුන්, පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකගේ නම්, ගිණුම් අංක හා මුදල් ප්‍රමාණය මෙන්ම,  දේශපාලනඥයන් පිරිසකට හා දේශපාලන පක්ෂ කිහිපයකට ලබාදුන් මුදල් ප්‍රමාණය පිළිබඳව සටහන් කෙරී තිබූ බව රහස් පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි.

දේශපාලන පක්ෂ වෙත ලබාදී ඇති මුදල් පිළිබඳ පරීක්ෂණ කිරීමට රහස් පොලීසිය උනන්දුව නොදක්වන මුත්, පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා දේශපාලඥයන්ට මුදල් ලබාදීම පිළිබඳ ඉදිරි කාලය තුළ පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබේ.

දේශපාලන පක්ෂ වෙත ලබාදුන් මුදල් පිළිබඳ පරීක්ෂණ නොකිරීමට හේතු වී ඇත්තේ, එම ලැයිස්තුවේ ජනතා විමුක්ති පෙරමුණේ නමද සටහන්ව තිබීම විය හැකි යැයි ඉහළ පොලිස් නිලධාරියකු අප හා ප්‍රකාශ කළේය.

නවීන් ජයවර්ධන  underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x