October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දියාව – ඇමරිකාවෙන් සම්පූර්ණයෙන්ම ගැලවෙයි ද ?

1 min read

ඇමරිකා එක්සත් ජනපද නායක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් පසුගිය අගෝස්තු 06 වැනිදා දෙවන වතාවටත් පනවන ලද 20% ක නව ටැරිෆ් බද්ද හේතුකොටගෙන, ඉන්දියාව විසින් ඇමරිකානු වෙළඳපොල වෙත යැවිය යුතු නිෂ්පාදන සඳහා අය කරන මුළු ටැරිෆ් බදු ප්‍රමාණය 45% දක්වා ඉහළ ගොස් තිබේ. එයට හේතු වූයේ, රුසියාවෙන් තෙල් සහ අවි ආයුධ මිල දී ගැනීම නවතාලීමේ හා ඒ වෙනුවට ඇමරිකාවෙන් ඒවා මිල දී ගැනීමේ කොන්දේසියට ඉන්දියාව එකඟ නොවීම බව වාර්තා වී තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟින්

මෙහිලා ඉන්දියාවේ ස්ථාවරය වී ඇත්තේ ඉන්දියාව රුසියාවෙන් මිල දී ගන්නා රුසියානු තෙල් සහ ගෑස් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් යුරෝපය සහ ඇමරිකාව රුසියාවෙන් තවදුරටත් මිල දී ගනු ලබමින් සිටින බවයි. එබැවින්, තමන්ගෙන් පමණක් එබදු සහතිකයක් ඉල්ලා සිටීම යුක්ති යුක්ත නොවන බව ඉන්දීයානු බලධාරීන්ගේ ස්ථාවරය වී තිබේ. කෙසේ වෙතත් මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් ඉන්දියාව වෙළඳ ආර්ථිකයට පමණක් සීමා නොවී, ආරක්ෂක හා භූ දේශපාලනික අර්ථයෙන්ද ඇමරිකා එක්සත් ජනපදය සමඟ දැනට පවතින සබඳතාවන්ගෙන් ඈත් වී රුසියා – චීන බලකේන්ද්‍රය දෙසට වඩා සමීප වනු ඇතැයි ඇතැම් විදේශ භූ දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Quad එකමුතුවේ රටවල නායකයින්

දැනට ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය සමඟ ආරක්ෂක ගිවිසුම් 4 ක් අත්සන් කර තිබෙන රටකි. ඊට අමතරව “Quad ” යනුවෙන් කෙටි නමින් හඳුන්වන ඉන්දු – ෆැසිපික් ආරක්ෂක එකමුතුවේද සක්‍රීය සාමාජික රටකි. එය පිහිටුවන ලද්දේ ඉන්දු – ෆැසිපික් සාගර කලාපය තුළ චීනයේ ව්‍යාප්තිය වළකාලීම පිණිස, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය, ඕස්ට්‍රේලියාව යන රටවල එකමුතුවෙනි. වර්ධනය වෙමින් පවතින “ටැරිෆ්” බදු යුද්ධය” දැනට පවත්නා ඉන්දු – ඇමරිකා ආරක්ෂක මිත්‍රත්වය බිඳ හෙලීමට තරම් ප්‍රබල වනු ඇත්දැයි නිවැරදිව හඳුනා ගැනීමට තව කල් මදි යැයි ඇතැම් විදේශ විත්ති විචාරකයෝ පෙන්වා දෙති.

කාවින්ද ගමගේ (විදේශ විත්ති විචාරක)

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x