ඉන්දියාවෙ මෝඩි සහ ලංකාවෙ මෝඩයා
1 min read
බොහෝ දෙනෙක් මේ පෝස්ටුවට අකමැතිවනු ඇත. එහෙත් මාගේ විචාරය ඉදිරිපත් කරමි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඊයේ දීපාවලී උත්සවය සමරනු ලැබුවේ ඉන්දියාවේ විශාලතම යුධ නෞකා ව්‍යාපෘතිය වන INS VIKRANT නෞකාව මත සොල්දාදුවන් සමගය!
දීපාවාලී යනු ඉන්දියාව ස්වකීය සතුරන් පරාජය කිරීමේ ප්‍රීතී උත්සවයක් වන අතර, ඒ සඳහා පදනම් වූ විවිධ පැරණි විශ්වාශ හා කතා එරට තිබේ. මා උත්සහ කරන්නේ ඒවා සාකච්ඡා කරන්නට නොවේ.
රටක හමුදා දිරිගැන්විය හැකි හා දිරිගැන්විය යුතු එකම පුද්ගලයා රාජ්‍ය නායකයාය. මෝදි අග්‍රාමාත්‍යවරයා ඒකාරිය අකුරටම කළේය; කරන්නේ ය! වික්‍රාන්ත් නෞකාව මත දීවාලී සමරා, සොල්දාදුවන් ඇමතූ අග්‍රාමාත්‍යවරයා, පකිස්ථානයට එරෙහි සින්දූර් මෙහෙයුම තුළ ත්‍රිවිධ හමුදාවන්හි ඒකාබද්ධ වික්‍රමාන්විතයන් ඇගයීය. (මම කියමින් සිටින්නේ ඊයේ සිද්ධිය ගැන විනා, පකිස්ථානය පැරදුනාද නැද්ද යන්න ගැන නොවේ.) මාවෝවාදී ත්රස්තවාදීන් තුරන් කිරීමේදී ආරක්ෂක අංශ පෙන්වූ නිපුනත්වයද ඔහු අගය කළේය.
ගෝලීය භූ දේශපාලනික න්යායපත්ර අතරතුර ඉන්දියාව (අප විශ්වාශ නොකළද, විශ්වාශ කරන්නට අකමැතිවුවද, ඉන්දීය තාරුන්‍යය හා භාරත් සංකල්පය මතපිහිටා සිටින බොහෝ පිරිස් විශ්වාශ කරන පරිදි) ගෝලීය සුපිරි බලවතකුවීමට ආසන්නය. ඒ සඳහා ඉන්දියාව ආර්ථිකමය,දේශපාලනමය හා මිලිටරිමය ගමනක් යමින් සිටී. රාජ්‍ය නායකයාගේ කාර්යය ඊට නායකත්වය සැපයීමය. මෝදි එය කරමින් සිටී. ඊට විරුද්ධ පාර්ශව නැත්තේ නොවේ. නමුත්, ඒ දේශීය හෝ විදේශීය පාර්ශවයන්ට බියවී මෝදි ඉන්දියානුවාට තිත්ත කසාය පෙවීම නතර කර, සරුවත් පැනිබීම පෙවීම අරඹා නැත.
2022 වසරේදී BLUEKRAFT DIGITAL FOUNDATION විසින් සංස්කරණය කළ MODI @20, Dreams Meet Delivery කෘතියේ පළමු පරිච්චේදය ඇරඹෙන්නේ “Prime minister Narendra Modi is among the very few undisputed youth icons of India” යන වාක්‍යයෙනි. එහි අර්තය ඉන්දියානු තාරුන්‍යය අතර තවමත අවිවාදිත සීමිත අයිකන අතරින් අග්‍රාමාත්‍ය මෝදි එක් අයකු බවයි.

‘ඉන්දියානු ව්‍යාප්තවාදයට‘ විරුද්ධ බොහෝ දෙනෙක් මේ වාක්‍ය කිහිපය කියවා කෝපාවිෂ්ඨව සිටිනවා විය හැක. මෙය ඉන්දියාව හෝ මෝදි අග්‍රාමාත්‍යවරයා වර්ණනා කිරීමක් නොවේ. ඒ සංසිද්ධිය විචාරීමකි.
යලිත් කියමි, ගෝලීය භූ දේශපාලන න්යායපත්ර අතර ස්වකීය අනන්‍යතාව වෙනුවෙන් ගමනක යෙදෙන ඕනෑම නායකයකු/නායිකාවක ව්යාප්තවාදීය; ආක්‍රමණශීලීය; ඔහු/ඇය ජාතික වින්තනය කුළුගන්වන්නේය. ජාතික වටිනාකම් මත ජාතික හා ජාත්‍යන්තර න්යායපත්රය ගොඩනගන්නේය. නවීනත්වයට ආරාධනා කරන්නේය. අවදානම් දරන්නේ ය. යුධ ශක්තිය ඔපවත් කරන්නේය. එසේම, ස්වකීය ග්‍රහණයට ගතයුතු පරිවාරයේ ආසන්න රටවල් වල නායක නායිකාවන් දුර්වල කරන්නේය; යුධ ශක්තිය හීන කරන්නේය; පුරවැසියා කායික හා මානසික වශයෙන් දුර්වල කරන්නේය (නපුංසකකරනය කරන්නේය); ජාතික ආර්ථිකයන් ඝාථනය කරන්නේය; කොටින්ම ජාතික රාජ්‍යය නසා පාදඩකරනය වූ මිනිසුන් පිරිසක් පමණක් සිටිනා බිම් කැබැල්ලක් බවට පත් කරන්නේ ය. එකී ගොදුරු රටවල නායකයින් ජාතික ඇඳුම ඇන්දද, යුරෝපීය ඇඳුම ඇන්දද, ස්වකීය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේය.
ආචාර්ය චමිල ලියනගේ




