ඉන්දියන් බාල ඖෂධ වෙනුවෙන් සජිත් පෙරට!
1 min read
පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් යොමුකරමින් සමගි ජන බලවේගයේ රත්මලාන සංවිධායක සහ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී වෛද්‍ය චමල් සංජීව මහතා විසින් ඉන්දියානු ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කටයුතු කරන ලදී.
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වහාම මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ චමල් සංජීව විසින් ඉන්දීය බාල ඖෂධ සහ එම ඉන්දීය ඔෂධ ගෙන්වීම නතර කිරීම සම්බන්ධව මාධ්‍ය වෙත කළ කරුණු දැක්වීම පක්ෂයේ මතය නොවන බවත් එය චමල් සංජීවගේ පෞද්ගලික මතය බවත්ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ මෙම විපක්ෂනායකවරයාගේ හැසිරීම මගින් ඉන්දියාවෙන් පැමිණෙන දේශපාලන බලපෑමට විපක්ෂයේ බොහෝ පක්ෂ අවනත වී ඇති අන්දම හොදින් නිරීක්ෂණය වන බවයි. ලබන සතියේ පැමිණීමට නියමිත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්ගගෛ් මෙරට සංචාරයෙන් පසුව මෙම තත්වය තවදුරටත් හොදින් පැහැදිලි වනු ඇතැයි ද ඔවුන් පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය පහතින්

