ඉඩම් හිමි ජෙප්පෝ! කප්පන් කප්පිත්තෝ!
1 min read
මේ තියෙන්නේ ඉඩමකි. ඡායාරූපයෙන් පෙනෙන්නේ මේ ඉඩම පොඩියට වූවාට, මේ සමග වන වීඩියෝ පටයෙන් ඉඩමේ ප්‍රමාණය හොඳට පෙනේ. මෙහි ඇත්තේ පර්චස් 75ක ඉඩම් කැබලි 2කි, එනම් පර්චස් 150 ක ඉඩමකි. මීට යාබදව ඇති පර්චස් 24ක ඉඩම ද වාර දෙකකදී පර්චස් 75 බැගින් මේ පර්චස් 150 අයිතිකරගත් කෙනා මිලදී ගත්තේදැයි තාම අප ටක්කෙටම දන්නේ නැත. එහෙත්, ඒ පිළිබඳ සැකය ද අප සතුව තිබේ.
මේ ඉඩම පිහිටා ඇත්තේ බත්තරමුල්ල, රජමල්වත්ත පාරේ ය. පාර්ලිමේන්තු වට රවුම ඔස්සේ පාර්ලිමේන්තුව දෙසට යන විට වම් අත පැත්තේ ඇත්තේ රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාට අයත් සුපිරි නිවස ය. එය ඉදිරිපසින් ඇත්තේ රජමල්වත්ත පාර ය. අප මේ කතා කරන ඉඩම ද ඇත්තේ එම රජමල්වත්ත පාරේම ය. අංක 1192 ඊට අයත් අංකය වේ.
මේ පර්චස් 75 ඉඩම් කැබලි දෙක අයත්ව තිබුණේ අයිතිකරුවන් දෙදෙනකුට ය. මෙහි පළමු පර්චස් 75 නව ගැනුම්කරුවා විසින් මිලදී ගත්තේ 2024 ජනාධිපතිවරණයට පෙර ය. එනම්, ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ මුහුණ දුන් කොවිඩ් වසංගතයට පෙරදී ය. එම නව ගැනුම්කරුවාම දෙවැනි පර්චස් 75 මිලදී ගත්තේ අනුර කුමාර ජනාධිපති පුටුවේ වාඩිවීමෙන් ටික කලකට පසුව ය. පළමු පර්චස් 75 මිලදී ගත්තේ පර්චස් එකක් රුපියල් ලක්ෂ 45 ට ය. දෙවැනි පර්චස් 75 මිලදී ගත්තේ එක් පර්චසයක වටිනාකම රුපියල් ලක්ෂ 48 ට ය. ඒ අනුව මුළු ඉඩමේ වටිනාකම රුපියල් ලක්ෂ 6,975 ක් පමණ වේ.
මේ තරම් වටිනා මේ ඉඩමේ අයිතිකරු තවම කඩුවෙල මහ නගර සභාවේ මේ ඉඩම්වල අයිතිය යාවත්කාලීන කරගෙන නැත. ඒ නිසා ඒවායේ තිබෙන්නේ පැරණි ඉඩම් හිමියන්ගේ නම් ය.
මේ සා වටිනා ඉඩමක් මිලදී ගත හැකි වූ ධනවන්තයා කවරෙක්ද? ඒ තඹුත්තේගම හන්දියේ පොල් කොට වලින් අටවාගත් මඩුවක දරුවන්ට කලක් ඉගැන්වූයේ යැයි කියන, කෝච්චියේ වඩේ විකුණුවේයැයි ද කියන වර්තමාන ආණ්ඩුවේ වෙළඳ හා පාරිභෝගික අමාත්‍ය වසන්ත සමරසිංහ ය. ඔහු විසින් ලබාදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශයේවත් මේ වත්කම ගැන තොරතුරු සඳහන්ව නැත.!
හැම මිනිහාටම හොරා යයි කියන්නේ මොවුන් ය. වෘත්තිය සමිති නායකයකු ලෙස කප්පන් ගත් කප්පිත්තෝ මොවුන් ය. අද ඔවුන් ධනය හිමි ධනවතුන් ය.! මේවා අධිකරණය හමුවට ගෙන එනු ලබන දවසට කප්පන් ධනපති එක ජෙප්පෙක්වත් මෙරට පය ගසා නොසිටිනු ඇත. පැලවත්තේ මූලස්ථානය ද එදාට සදාකාලිකවම වසා දැමීමට ලක්වෙනු නිසැකය.



