March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමරිකාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි!

1 min read

ඇමරිකා එක්සත් ජනපදයේ පවතින උද්ධමනය සහ ආර්ථික අස්ථාවරත්වය නිසා සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වෙනවා.

දැනට පවතින ආර්ථික අපහසුතා සහ ඉහළ යන ජීවන වියදම පියවා ගැනීම සඳහා බොහෝ ඇමරිකානුවන් අමතර ආදායමක් ලෙස තම රුධිර ප්ලාස්මා (Blood Plasma) මුදලට ලබා දීමට පෙළඹී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ඒ වගේම, ඉහළ යන සිල්ලර බඩු සොරකම් (Retail Theft) හේතුවෙන් එරට ප්‍රධාන සුපිරි වෙළඳසැල්වල ඩියෝඩ්‍රන්ට්, දන්තාලේප සහ අයිස්ක්‍රීම් වැනි සාමාන්‍ය භාණ්ඩ පවා මේ වන විට ආරක්ෂිත වීදුරු කැබිනට්ටු (Locked glass cases) තුළ තබා අගුලු දැමීමට පියවර ගෙන තිබෙනවා.

පාරිභෝගිකයින්ට එම භාණ්ඩ මිලදී ගැනීමට සේවකයෙකු කැඳවීමට සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x