ආපදා අස්සේ ජ.වි.පෙ.ට තවත් ආපදාවක්! ලාල් – හරිනි හුටපටයක්!
1 min read
පසුගිය දා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකු (එක් අයකු පක්ෂ නායකයෙකි) අතර පැවතියේ අපූරු සාකච්ඡාවකි. පක්ෂ නායකයකු වන මන්ත්‍රීවරයා අනෙක් විපක්ෂයේ සුළු ජාතික මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ, ‘‘ඔයා හොඳට නිරීක්ෂණය කළේ නැද්ද? මම දිගටම මේක නිරීක්ෂණය කලා. හරිනිගේ අමාත්‍යාංශ විවාදයක් තියෙන දවසට ලාල් කාන්ත අනිවාර්යෙන් පාර්ලිමේන්තු එනවා. ලාල්ගෙ අමාත්‍යාංශ වැය ශිර්ෂයක් තියෙන දවසට හරිනි අනිවාර්යෙන් එනවා. දෙන්නම දවසම රැදිලා ඉන්නවා. අනිවාර්යෙන් දෙන්නාගේ මොකක් හරි තියෙනවා” යනුවෙනි.
එහිදී විපක්ෂයේ ප්‍රධාන පෙළේ පක්ෂ නායකයාට සුළු ජාතික මන්ත්‍රීවරයා (හිටපු අමාත්‍යවරයකු වේ) පවසා ඇත්තේ එය විය නොහැක්කක් බවත්, හරිනි ගැන තියෙන්නේ වෙනස් කතාවක් (Lesbian) බවත් ය. එය පිළිනොගත් විපක්ෂයේ පක්ෂ නායකයකු වන මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ”ඒ වුණාට ලාල් වැඩකාරයා මිනිහට පුළුවන් ඒ විදියේ ඒවත් හරවලා ගන්න” යනුවෙනි.
පසුව දෙදෙනාම ආණ්ඩු පක්ෂය දෙස බලන විට ලාල් කාන්ත අමාත්‍යවරයා අගමැති හරිනිගේ පුටුව සමීපයේ පුටුවක අසුන්ගෙන සිටිනු දැක තිබේ. ඉන් අනතුරුව පක්ෂ නායකයකු වන විපක්ෂ මන්ත්‍රීවරයා අංග චලනයෙන් ලාල් කාන්ත අමාත්‍යවරයා වෙතින් විමසා ඇත්තේ අගමැති හරිනි සමග අහවල් විදියේ සම්බන්ධයක් තියෙනවා නේද? යනුවෙනි. එහිදී සිනාමුසු මුහුණින් ප්‍රතිචාර දක්වා ඇති අමාත්‍ය ලාල් කාන්ත ද අංග චලනයෙන් පවසා ඇත්තේ දුරකථන ඇමතුමක් ගන්නා ලෙස ය.
ඒ අනුව විපක්ෂයේ පක්ෂ නායකයකු වන මන්ත්‍රීවරයා අමාත්‍ය ලාල් කාන්ත වෙත දුරකථන ඇමතුමක් ගෙන කාරණය විමසා තිබේ. එහි දී සිනහ වී ඇති අමාත්‍ය ලාල් කාන්ත ”ඇයි… එහෙම වෙන්න බැරිද? ඉරිසියයි ද?” යනුවෙන් පවසා ඇත. මෙහිදී විපක්ෂයේ පක්ෂ නායකයකු වන මන්ත්‍රීවරයා දුරකථනය සිය අතේ තබාගෙනම, අනෙක් විපක්ෂ මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ ”මම කිව්වා හරිනේ… ලාල් කියනවානෙ ”ඔව්” කියලා” යනුවෙනි. එසේ කියමින් ඔහු තම දුරකථනය අනෙක් මන්ත්‍රීවරයාට ලබා දී ඇත්තේ අමාත්‍ය ලාල් කාන්ත සමඟ අදාල කරුණ ගැන සාකච්ඡා කිරීමට ය.
” ලාල් ඇමතිතුමා … මේ … කියනවා … කතාවක්… මම කිව්වා ඒක වෙන්න විදියක් නෑ කියලා..” යනුවෙන් එහිදී දුරකථනය හරහා විපක්ෂ මන්ත්‍රීවරයා ලාල් කාන්ත අමාත්‍යවරයා වෙත පවසා ඇත. ”ඔයාලා වෙන්න බෑ කියලා හිතන දේවල් වෙනවා” කියමින් සිනා සී ඇති ලාල් කාන්ත අමාත්‍යවරයා විස්තර කතා කිරීමට වෙලාවක කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ පිහිටි තම නිවසට පැමිණෙන මෙන් ද ආරාධනා කර තිබේ.
ඒ අයුරින් අවසන් වූ එම දුරකථන සංවාදය අප මෙහි සටහන් කරන්නේ කිසිවකුගේ පෞද්ගලික ජීවිතයට අදාළ ඕපදූපයක් ලෙසින් නොව, මේ කරුණු ලංකාවේ ඉදිරි දේශපාලන පෙළ ගැසීම් සඳහා ඉවහල් වන බැවිණි. දැනටමත්, ලාල් – හරිනි සම්බන්ධය පිළිබඳව ජ.වි.පෙ. අනුර – ටිල්වින් කල්ලියට වාර්තා වී තිබේ. ඒ පොලිස් බුද්ධි අංශ මගිනි.
එම බුද්ධි අංශ ජනාධිපතිවරයාට මේ පිළිබඳව එවා ඇති වාර්තාවන් හි දක්වා ඇත්තේ අගමැති හරිනි රාත්‍රීය ගත කරන නිවසේ දී සතියකට දින 2-3ත් අතර ප්‍රමාණයක දී රාත්‍රී 8න් පසු දෙදෙනා මුණ ගැසෙන බව ය. එහිදී අග්‍රාමාත්‍ය හරිනි වෙත ලබාදී තිබෙන ප්‍රභූ ආරක්ෂක අංශයට අයත් ප්‍රධාන කාන්තා නිලධාරිනියව අග්‍රාමාත්‍යවරිය විසින් පිටත් කර හරින්නේ නැවත පසු දා එන ලෙස පවසමින් බව ද එම වාර්තාවේ දක්වා තිබේ.
එකී වාර්තාව වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ හමුවන සෑම දිනකම පාහේ රාත්‍රී 10:00-10:30 වන තුරු මත්පැන් පානය කරමින් ඉමහත් හඬින් සිනා සිසී කතා කරමින් සිට මේ දෙදෙනා නින්දට යන බව ය. පසුවදා පෙරවරුවේ දී තම රාජකාරී සඳහා අග්‍රාමාත්‍යවරිය කලින් පිටත්වන බවත් අමාත්‍ය ලාල් කාන්ත පෙ.ව. 10:30ට පමණ ස්නානය කර හැඳ පැලැඳ පිටත්වන බවය. අගමැතිවරිය වෙනුවෙන් සේවය කරන අදාළ නිවසේ පහළ භූමියේ රැදී සිටින ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන්ට දැන් මෙය සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.
එම වාර්තාව සමඟ, ඊට සාක්ෂී වශයෙන් ඡයාරූප 3ක් ද, හඬ පටි කිහිපයක් ද බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබේ. පසුව මෙම තොරතුරු ජනාධිපතිවරයා විසින් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වෙත දැනුම්වත් කර තිබේ.
මෙම සබඳතාව පිළිබඳව අනුර – ටිල්වින් හවුල කැළඹිමට පත්ව ඇත්තේ අග්‍රාමාත්‍ය හරිනිගේ භූමිකාව පිළිබඳව ඔවුන් ඉමහත් අවිශ්වාසයකින් යුතුව සලකා බලන නිසාය. පසුගියදා ඇය ඉන්දියාවේ කළ සංචාරයේදී ඇයට ඉන්දියාවෙන් ලැබුණු ඉමහත් පිළිගැනීම ද මෙම සැකය වැඩි වීමට හේතු වී ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කුමන පියවරක් ජ.වි.පෙ. නායකයින් විසින් ගනු ලබනු අත්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත. ජ.වි.පෙ.ට සම්බන්ධ අපගේ තොරතුරු කරුනම් පවසා සිටියේ ”ලොක්කො ඔක්කොගෙම මේ වගේ කුණු ගොඩවල් තියෙන නිසා ඔය කුණු ගොඩට පයින් ගහන්න යන එකක් නෑ!” කියාය.
විශේෂ විමර්ශන අංශය
