ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත සංඝ සමුළුවක්!
1 min read
මේ වනවිට බුද්ධ ශාසනයට සහ සංඝයා වහන්සේලාට සිදුවන හිරිහැරවලට එරෙහිව ආණ්ඩු විරෝධී දැවැන්ත සංඝ සමුළුවක් පෙබරවාරි මස අවසානයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඊයේ (31) මිහින්තලේ රජමහා විහාරයට රැස්වූ ප්රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ තීරණයට එළඹී ඇති බව සඳහන්.
ඒ අනුව අදාළ සංඝ සමුළුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් ඉදිරි දිනවලදී කොළඹ විහාරස්ථානකදී පැවැත්වීමට ද නියමිතබව ආරංචිමාර්ග පැවසීය.
එසේම පෙබරවාරි මස අගදී පැවැත්වෙන සංඝ සමුළුව සඳහා භික්ෂූන් වහන්සේලා 5000 නමක් සහභාගී කරගැනීමට නියමිත බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
