අසමත් කිං!
1 min read
කතාවක් තියෙනවා සිංහයෙක් විසින් අණ දෙන බැටලුවන්ගේ හමුදාවකට, බැටලුවෙක් විසින් අණ දෙන සිංහයන්ගේ හමුදාවක් පරාජය කළ හැකියි කියලා.
රටකට, ජාතියකට අර්බුධයක් අවස්ථාවේ නායකයාගේ පෞරුෂය ඉතාම වැදගත්.
අර්බුධයක් අවස්ථාවේ නායකයෙක් ඉතාමත් එඩිතර විය යුතුයි. දෛර්ය සම්පන්න විය යුතුයි.
ඔහුගේ වචන වලින්, ක්‍රියාවෙන්, මුහුණෙන්, හැඟීම් වලින් සන්නිවේදනය වෙන පණිවිඩය රටම උකහා ගන්නවා.
අනුරගේ ඊයේ ජාතිය ඇමතිම පට්ට ෆේල් වැඩක් වෙන්නේ ඒ අර්ථයෙන්ම.
අවංකවම මම පවා බලාපොරොත්තු වුණේ මේ වෙලාවේ අනුර රටේ මිනිස්සු, රාජ්‍ය සේවකයො දෛර්යට පත් කරන කතාවක් කරාවි කියලා.
මේ තමයි දෙවන පාස්කු ප්‍රහාරය.
පාස්කු ප්‍රහාරයේ දී 98 වතාවක් අනතුරු ඇඟවීම් කර තිබිය දීත් පියවර නොගත් පාලකයන් නිසා මිනිසුන් සිය ගණනකට ජීවිත අහිමි වුණා.
මේ මාසයක් තිස්සේ අනතුරු අඟවා තිබිය දී, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා මාධ්‍යයට පවා අනතුරු අඟවා තිබිය දී කිසිඳු පියවරක් ලබා නොගත් නිසා දහස් ගණනකට ජීවිත, දේපළ අහිමි වූ ව්‍යවසනයක්.
බොහෝ ජීවිත පාලකයා බුද්ධිමත් වුණා නම් බේරාගත හැකිව තිබුණා.
එවැනි පසුබිමක පවා අපි අනුරගේ ඊයේ කතාව දිහා උණන්දුවෙන් බලන් හිටියා. ඒ අඩුම තරමේ ඔහු වැඩ කරන්න බැරි වුනත්, කතා කරන්න පුලුවන් මිනිහෙක් නිසා.
නමුත් ඔහු කතාව පටන් ගත්තු සැණින් කිව්වේ ඔහුගේ නැතිබැරියාව.
ඔහුට දත්ත නැහැ කිව්වා. පහසුකම් නෑ කිව්වා. සම්පත් නැහැ කිව්වා. මුකුත්ම නැහැ කිව්වා. ඒ නිසා ඔහුට මේක කරන්න අමාරුයි කිව්වා. ඔහුගේ කතාවේ සාරාංශය එච්චරයි.
නැති බැරියාව කියවන්න රටක් බිලියන ගණනක වැය ශීර්ෂයක් වියදම් කරලා නායකයෙක්, ජනාධිපතිවරයෙක් නඩත්තු කරන්න ඕනද ?
හදිසි අවස්ථාවක පිරිමි නායකයෙක් ජාතිය අමතද්දී ලිප්ස්ටික් උලන්න ඕනද ?
මේ වෙලාවේ ගෙවල් අහිමි වෙලා, ව්‍යාපාර අහිමි වෙලා, ආදරණීයන් අහිමි වෙලා, අනාථ කඳවුරක ඉදන් කාගේහරි ෆෝන් එකකින් තමන්ගේ නායකයාගේ ජාතිය ඇමතීමේ කතාව බලන් ඉදපු මිනිස්සුන්ගේ තිබුණු මොරාල් එකත් අනුර කැඩුවා.
මේ වෙලාවේ නොකා නොබී පැය විසි හතරම, රාජකාරියට එහා ගිහින් දේවකාරියක් කරන ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ මොරාල් එක අනුර කැඩුවා.
තමන්ගේ සීමාවෙන් එහා ගිහින්, නඩුවක් දාගැනීමේ අවදානම අරගෙන හරි වැඩ කරන්න හිත හදාගත්තු රාජ්‍ය සේවකයගේ මොරාල් කැඩුවා.
අනුර එහෙම කළේ ඔහුට ආත්ම විශ්වාසයක් නැති නිසා.
මේ අර්බුධයෙන් රට ගොඩගන්න ඔහුට පුලුවන් කියලා ඔහුට විශ්වාසයක් නැහැ.
ඒ නිසා ඔහු තමන්ට ආත්ම විශ්වාසයක් නැති වැඩක් ගැන දෛර්යයෙන් කතා කිරීමට වඩා, ආරම්භයේ දීම නිදහසට කරුණු කීම තෝරා ගත්තා.
ඒ අර්ථයෙන් ඔහු අසමත් වුණත් ලොකු ගැටලුවක් නැහැ.
ඒ උපක්‍රමය දේශපාලනිකව නිවැරදියි.
හැබැයි රටක නායකයෙක්, පාලකයෙක් කියන්නේ මේ වගේ අවස්ථාව උපරිම දෛර්යයක්, ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන මනුස්සයෙකුට.
දෙවන ලෝක යුද්ධ සමයේ බලවත් ජර්මනියට එරෙහිව, පරදින සටනක් වෙනුවෙන් එංගලන්තය යුද ප්‍රකාශ කරන මොහොතේ වින්ස්ටන් චර්චිල්ගේ කතාව උදාහරණයක්.
චර්චිල් තමන්ගේ හමුදාවේ, ආණ්ඩුවේ, මිනිස්සුන්ගේ ගැම්ම ඇතිවෙන කතාවක් කළා.
ඉතිහාසඥයො කියන විදියට ඒ කතාව ඉවර වෙද්දී එංගලන්තය 50% ක් යුද්ධය දිනලා ඉවරයි.
ඩන්කර්ක් සටනේ දී සිර වූ මිත්‍ර සොල්දාදුවන් ගලවා ගැනීමට පැමිණියේ තමන්ගේ බෝට්ටු අරන් එංගලන්ත ධීවරයො.
ඒ චර්චිල්ගේ ඉල්ලීමක් නිසා.
මෙරට යුද්ධය අවසන් කරන මොහොතේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, විශාල පීඩනයකට මුහුණ දුන්නා.
නමුත් ඔහු ජනතාව ආමන්ත්‍රණය කරන සෑම මොහොතකම ඉතාම ආත්ම විශ්වාසයෙන්, සිය පීඩනය සඟවා මේ අප දිනන යුද්ධයක් බව සන්නිවේදනය කළා.
රටේ මිනිස්සුන්ට ගැම්මක් ආවේ, මිනිස්සු යුද ජයග්‍රහණය වෙනුවෙන් තමන්ගේ පංගුව කළේ ඉන්පසුවයි.
නායකයන් එහෙමයි.
අනුර ස්වභාවයෙන්ම දක්ෂ විවේචකයෙක්. ඔහු වැඩ කරන්නෙක් නෙවෙයි.
අර්බුධයක දී මිනිස්සු දිරිමත් කරලා කතා කරන්න, ආදර්ශයක් සපයන්න විවේචකයෙකුට බැහැ.
ඔහුගේ විවේචන සීරියස් ගත්තු මිනිස්සු, ඔහු වැඩ කරන මිනිහෙකුගේ පුටුවක ඉන්දුවා.
අද අනුරත් අසරණයි. රටත් අසරණයි.
අද අනුරත් ෆේල්. රටත් ෆේල්. අවාසනාවට වුනත් ඇත්ත ඒකයි.
Sachin Rathwatte
