January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අර්බුදයේ පාලනය කොතැනක නතර වනු ඇත් ද?

1 min read

සංවර්ධනය යනුවෙන් ඇතැමුන් සිතා සිටින්නේ ගංවතුර නිසා ඇති වූ පාරක හිලක් වැසීමය. වැස්ස එසේත් නොවේනම් නාය ගිය කඳු වැටියකට වැලිකොට්ට ටිකක් ගැසීම ය. බිඳ වැටුණු දුම්රිය රේල් පාර යටින් දිවෙන ගඟ මතට කළු ගල් පුරවා ගොඩ කර ඒ මත රේල් පාර තැනීම ය. මේ ආදී දේවල් උදාහරණ ලෙස කියන්නට ගියහොත් කියන්නට ඇති දේ බොහෝ ය.

‘දිට්වා’ එනතුරු වගේ වගක් නැතුව සිටි ජනාධිපති අනුරගේ ආණ්ඩුව, ‘දිට්වා’ගෙන් වැනසී ගිය රට දැන් හදමින් ඉන්නේ ඔය ආකාරයට ය. මෙහෙම ‘හදන’ ගමන් ඔහු ‘News Week’ ජාත්‍යන්තර සඟරාවට සම්මුඛ වෙමින් කියා සිටියේ ”අර්බුදයේ පාලනය දැන් තමන් අතින් ගිලිහී තිබෙන” බව ය. වල ගොඩකර පාරම්බෑමට වඩා ජනාධිපති අනුර කර තිබෙන මේ ප්‍රකාශය බොහෝ සේ බරපතළ ය.

ආණ්ඩුව ‘දිට්වා’ ඇවිත් ඕන දෙයක් කර ගියාවේ යන මතයේ පිහිටා කටයුතු කළ බව අපගේ නිගමනය වේ. අප එසේ කියන්නේ ‘දිට්වා’ ඇවිත් ගිය පසු ආණ්ඩුව හැසිරුණ අන්දම දෙස බැලූ විට පෙනෙන චිත්‍රය අනුවය. අපට ඇත්තේ හෙලිකොප්ටර් ‘2’ ය කියා නහයෙන් හැඬුවේ ආණ්ඩුව ය. හැම අතකින්ම ආණ්ඩුව පෙන්වූයේ ශ්‍රී ලංකා රාජ්‍යයේ අසරණකම ය. බැරිකම ය. දුප්පත්කම ය. එහි තර්කානුකූල අවසානය වූයේ ”අර්බුදයේ පාලනය දැන් අප අතින් ගිලිහෙමින් යනවා” යැයි ලෝක ප්‍රජාව හමුවේ කියා සිටීමය.

ජනප්‍රිය පුවත්  නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ!

ඒ අනුව ඊළඟට සිදු විය හැක්කේ කුමක් ද?

අර්බුදය ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහෙන්නේනම්, එය කවුරුන් හෝ තම පාලනය යටතට ගත යුතුය. එසේ ගන්නට ඉදිරිපත් වන්නේ කවරකු ද? එසේ පාලනයට ගනු ලබන්නා, එසේ පාලනයට ගනු ඇත්තේ ‘අර්බුදය’ පමණක්ම ද? කල්ගතවීමේ දී අර්බුදය හා එය පවත්නා රටම විය නොහැකි ද?

අපගේ ‘ප්‍රධාන පුවතින්’ ත්‍රිකුණාමලයේ පිහිටුවීමට සැරසෙන ”ක්ෂණික ප්‍රතිචාර” කඳවුරක් ගැන කීවේ පසුගිය 17 වැනිදා ය. එම කඳවුර පිහිටුවීමට යන්නේ ඉන්දියාව හා ඇමෙරිකාව ඒකාබද්ධව ය. අරමුණ ලෙස කියන්නේ ‘ස්වභාවික විපත් සහ සමුද්‍රීය හදිසි අවස්ථා සදහා වේගවත් ප්‍රතිචාර දැක්වීමට මෙය පිහිටුවීමට නියමිත බව ය. අනුර කුමාරගේ ආණ්ඩුව ”ස්වභාවික විපත්” සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමෙහිලා අසමත්ය. එය ලෝකයට පෙනෙන්නේ රාජ්‍යයේ අසමත්භාවය ලෙස ය. එවිට අප වෙනුවෙන් ”හදිසි ප්‍රතිචාර” දැක්වීමට උන් එති! අර්බුදයේ පාලනය ගිලිහී යන බැවින් උන්වත් දැන් එය පාලනයට ගත යුතුව ඇත. කාගේ කාගෙත් අත්පොළොසන් මැද මේ සිදුවෙමින් පවතින්නේ එයම නොවේද?

රට සහ ජනතාව මුහුණ දී සිටින්නේ ඉතා තියුණු, අභියෝගාත්මක අවස්ථාවකට ය. හරියට කල්පනා කර තීරණ නොගතහොත් අර්බුදයේ පාලනය නොව ජීවිතයේ පාලනය පවා අපට අහිමි වීමට ඇති අවධානම බොහෝය. ඒ ගැන සිතා ක්‍රියා කිරීමට තවත් අප පසුබට විය යුතු ද? පිළිතුර ඔබ සතුය.

ජනප්‍රිය පුවත්  උන්ටම ගිය රට !

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x