අයියෝ සාමී… දැන් සෙනග ඉල්ලෛ..!!
1 min read
අද ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පොලිස් ස්ථාන වල රාජකාරි කරපු පොලිස් නිළධාරීන් වැඩි හරියක් හිටියේ පොලිස් ස්ථාන වල නෙවෙයි.
ඔවුන්ට භාර දීපු වසම් වල.
ඔවුන් ගෙයින් ගෙට ගිහින් හෙට තංගල්ලේ පැවැත්වෙන ආණ්ඩුවේ රැස්වීමට ජනතාව එකතු කරමින් ඉන්නවා.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපූරු චක්‍රලේඛකයක් ගහලා.
ඒ අනුව දකුණු පළාතේ සෑම පොලිස් ස්ථානයකම සේවය කරන පොලිස් නිළධාරීන්, හෙට තංගල්ලේ පැවැත්වෙන මාලිමා රැස්වීමට, එක් නිළධාරියෙක් සිවිල් වැසියන් පස්දෙනෙකු බැගින් අරන් එන්න ඕන.
වරදවා වටහා ගන්න එපා.
මේ චක්‍රලේඛකයේ තියෙන්නේ හෙට රැස්වීමේ ආරක්ෂාවට සෑම පොලිස් ස්ථානයකින්ම අනුයුක්ත කළ යුතු පොලිස් නිළධාරීන් ගණන නෙවෙයි.
දකුණු පළාතේ සේවයේ නිරත සෑම පොලිස් නිළධාරියෙක්ම අවම වශයෙන් සිවිල් වැසියන් පහක්වත් මේ රැස්වීමේ ඔලුගෙඩි පුරවන්න ගෙන ආ යුතුයි කියලා.
කොටින්ම මාලිමාවට පිටිය පුරවන්න බැරි නිසා සෙනඟ ගෙන ඒම පොලීසියටත් භාර කරලා.
මේක සෑම අතින්ම අනීතික වැඩක්.
ඒ වගේම රාජ්‍ය සේවය පක්ෂ දේශපාලනයේ වහල් සේවයට යෙදවීමක්.
මෙවැනි ක්‍රියාවක් ඉතිහාසයේ සිදුවන්නේ පළමු වරට.
ඉතින් සමහර පැරණි, වයසක පොලිස්කාරයො මිනිස්සුන්ට තග දාලා අහිංසක මිනිස්සු කැමති කරන් හෙට තංගල්ලේ අරන් යන්න.
සමහර තරුණ නිළධාරීන් අසරණයි. ඔවුන්ට මිනිස්සු හොයාගන්න බැරි නිසා ඔවුන් තමන්ගේ පවුලේ සාමාජිකයන් හෙට අරගෙන යනවා.
එයට හේතුව බස් රථ වලට මිනිස්සු පටවන තැනින් සහ මිනිස්සු වාඩි කරන තැනින් සෑම නිළධාරියෙක්ම තමන්ට ලබා දුන්නු ‘ටාගට්’ එක ගහල ද කියලා පරීක්ෂා කරනවා.
බස් රථ පැලවත්තෙන් ගෙන එනවා.
පොලිස් නිලධාරීන්ට තියෙන්නේ තමන්ගේ නම ලියලා, තමන් ගෙන ආපු සිවිල් වැසියන් ගණන් කරලා බස් රථයට නැග්ගවීම සහ තංගල්ලෙන් බැස්සවීම.
මේක පැහැදිලිවම දෙආකාරයකින් මානව හිමිකම් කඩකිරීමක්.
එක් පැත්තකින් පොලිස් නිළධාරීන් තග දාලා, බය කරලා අරන් යන අහිංසක මිනිස්සුන්ගේ මානව හිමිකම් කඩවීමක්.
දේශපාලනයේ නිදහස මූලික මිනිස් අයිතියක්.
මිනිස්සුන්ට දේශපාලන පක්ෂයකින් කතා කළාට ඔවුන් බලහත්කාරයෙන් රැස්වීම් වලට යන්නේ නැහැ.
හැබැයි මේ ගම් වල අහිංසක මිනිස්සු.
ඒ මිනිස්සුන්ට කාකි ඇඳුම් ඇදගත්තු පුද්ගලයො, හෙට මේ ගෙදරින් දෙන්නෙක් තංගල්ලේ යන්න එන්න ඕන. බස් එක මෙතනට එනවා. මේ වෙලාවේ මෙතන ඉන්න කිව්වම, ඔලුව නවලා ‘හා මහත්තයා’ කියනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.
පව් මේ රටේ අහිංසක මිනිස්සු.
තමන්ගේ දරුවන්ට බොරු නඩු දායි, පොලිස් වාර්තා නොදී ඉදියි කියලා බයට මේ රැස්වීමට යන්න එකඟ වෙලා තියෙන්නේ බහුතරය අහිංසක වයෝවෘද්ද, දුප්පත් අම්මා තාත්තා ලා.
අනෙක් පැත්තෙන් දැන් ජනප්‍රියත්වය නැති, පොඩි පිට්ටනියක් පුරව ගන්න සෙනඟ ගේන්න බැරි මාලිමාවේ දේශපාලනය ආරක්ෂා කරන්න වෙලා තියෙන පොලිස් නිළධාරීන්.
ඔවුන්ට අවම හෝ ගෞරවයක් තිබුණා.
දැන් ඔවුන් රස්සාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම්, පැලවත්තට බයේ, පැලවත්තේ රැස්වීම් වලට බස් ලෝඩ් කරන කොන්දොස්තරලා ගානට ඇවිත්.
මේවා මූලික අයිතිවාසිකම් කඩවීම් නෙවෙයි ද ?
අහෝ මේ රටේ ස්වාධීන රාජ්‍ය සේවයට ගිය කල!
අනිවාර්යෙන්ම දිනෙක මේ සියලූම ක්‍රියා අධිකරණය සහ ජනමාධ්‍ය සහ ජාත්‍යන්තරය ඉදිරියට ගෙන ආ යුතුමයි.
ජිනීවා මානව හිමිකම් කවුන්සලයට පවා අප මේ ක්‍රියා වාර්තා කළ යුතුයි.
උපුටා ගැනීම: සචින් රත්වත්ත ෆේස්බුක් පිටුවෙන්
