අපි ජීවත් වෙන්නේ අනුන්ගෙන්! අපේ සල්ලි අපට! – මනුවර්ණ
1 min read
තමන් තම පෞද්ගලික ධනය කිසිවක් දේශපාලන වැඩවලට වියදම් නොකරන බවත් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා, අගමැති හරිනි අමරසූරිය සහෝදරිය ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයින් සියලු දෙනාම කටයුතු කරන්නේ ඒ ආකාරයෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවරණ පවසයි.
මාරස්සන ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් ඔහු මේ පිළිබඳව කරුණු පැහැදිලි කළේය.
”පක්ෂයේ ඉන්න සහෝදරවරු යැපෙන්නෙ ජනතාවගේ මුදල්වලින් කියලා තියෙනවනේ කතාවක්. ඔව් මාත් එහෙම තමයි. මම මැතිවරණ කාලෙත් පක්ෂයෙන් වියදම් කරපු මුදල්වලින් මම මගේ ගමන් වියදම් බලන්නේ. මගේ යන එන වියදම් බලන්නේ ඒ සියල්ල පක්ෂයෙන් තමයි. එහෙම නැත්නම් අපට ආධාර කරන මිනිස්සු .ඒක එහෙම තමයි. මගේ ළඟ බිලියන ගානක් තිබුනත් මිලියන ගානක් තිබුණත් මම මගේ අතේ මුදල් දේශපාලන වැඩවලට වියදම් කරන්නේ නෑ. මේක වසන්ත සමරසිංහ සහෝදරයටත් අදාලයි. අනුර කුමාර දිසානායක ගරු ජනාධිපති සහෝදරයාටත් අදාලයි. අගමැති හරණි අමරසූරිය සහෝදරියටත් අදාලයි…. පක්ෂයේ විනය, ක්‍රමවේදය තමයි කිසිම කෙනෙක් තමන්ගේ පෞද්ගලික මුදල් දේශපාලනයට වැය කළ යුතු නැත”
විජය ශ්‍රී ගුණවර්ධන underground වාර්තාකාරු