March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අපි ඉන්දියාව එක්ක අලුත් ගමනක! ඉන්දියානු විරෝධය දැන් අවසන්!

1 min read

ඉන්දියාව සම්බන්ධයෙන් අතීතයේ පැවති විරෝධය දැන් අවසන් වී ඇති බවත්, දෙරට අතර විශ්වාසනීය මිත්‍රත්වයක් මත පදනම් වූ නව යුගයක් ආරම්භ වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.


සිරස නාලිකාව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
ඉන්දියානු විරෝධය ප්‍රතිපත්තියක් මත පදනම් වූවක් අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ තුළ පැවති ඉන්දියානු විරෝධය පිළිබඳව කරුණු පැහැදිලි කළ ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ, එය ඉන්දියාවට එරෙහි වූවක් නොව එකල ඉන්දිය රජය අනුගමනය කළ ක්‍රියාමාර්ගවලට එරෙහි වූවක් බවයි.


“දැන් ඒ ප්‍රශ්නය අවසන්. ඉන්දියාව සහ ලංකාව අතර පවතින මිත්‍රත්වය දෙරටටම මෙන්ම කලාපයටම වැදගත්,” යනුවෙන් ඔහු පැවසීය.


ඉන්දියාව ලංකාවේ විශ්වාසවන්ත මිතුරෙකු ලෙස කටයුතු කිරීමට සූදානම් වීම ජයග්‍රහණයක් බවද හෙතෙම සඳහන් කළේය.


ඉන්දියාවේ නිරත වූ නිල සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ලේකම්වරයා පැවසුවේ, එහිදී ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණ්‍යම් ජයශංකර් මහතා ඇතුළු නියෝජිත පිරිසක් හමුවූ බවයි. මෙම සාකච්ඡාවලදී පළාත් සභා හෝ දේශපාලන කාරණා පිළිබඳව කිසිදු සංවාදයක් ඇති නොවූ බවත්, මූලික වශයෙන් අවධානය යොමු වූයේ ආර්ථික සංවර්ධනය සහ නව තාක්ෂණය මෙරටට ලබාගැනීම පිළිබඳවත් බව ඔහු හෙළි කළේය.

ජනප්‍රිය පුවත්  ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොප්තාබා කමේනි පත් කෙරේ!


විශේෂයෙන් ගුජරාට් ප්‍රාන්තයේ සිදුකළ සංචාරයේදී එරට ‘අමුල්’ කිරි නිෂ්පාදන කර්මාන්තය සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳව අධ්‍යයනය කළ බවත්, එම අත්දැකීම් ලංකාවට වැදගත් වන බවත් ඔහු පැවසීය. ලංකාවේ කිරි කර්මාන්තය විදේශයන්ට විකුණන්නේ නැතිව, ඔවුන්ගේ තාක්ෂණික අත්දැකීම් පමණක් ලබාගැනීමට රජය සූදානම් බවද ඔහු අවධාරණය කළේය.


වත්මන් රජය ඉන්දියාව රවටන්නේ නැතිව, තමන්ගේ මතය කෙලින්ම ප්‍රකාශ කරන අවංක ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, ඉන්දියාවද එය තේරුම් ගෙන ඇති බවත් ටිල්වින් සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළේය. කේරල ප්‍රාන්තයේදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය විසින් ලබාදුන් රතු පැහැති උතුරු සළුව (සාටකය) සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන අදහස්වලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, එය හුදෙක් අමුත්තන් පිළිගැනීමේ සම්ප්‍රදායික සංස්කෘතික ක්‍රියාවක් පමණක් බවයි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x