January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අප්‍රේල් වන විට සහල් හිඟයක්!

1 min read

අප්‍රේල් මාසය වන විට කැකුළු සහ නාඩු සහල් හිඟයක් රට තුළ ඇති වීමේ අවධානමක් පවතින බව මරදගහමුල සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති බී. කේ. රංජිත් මහතා පැවසුවේ, සම්බා සහ කීරි සම්බා සහල් මිල තවදුරත් ඉහළ යාහැකි බවය.

“අද වනවිට මරදගහමුල පළමු පන්තියේ නාඩු සහල් කිලෝවක් තොග උපරිමය රුපියල් 225 දක්වා ගන්න පුළුවන්. සුදු කැකුළු රු 208 – රු 212 දක්වා, රතු හාල් වර්ග රු 205 – රු 210 දක්වා වගේ මිලකට තියෙනවා. නමුත් සම්බා සහ කිරීසම්බා ඉතාම අධික මිලකට තියෙන්නේ. කීරි සම්බා රු 340 ඉක්මවා යනවා. සම්බා රු 260 ඉක්මවා යනවා. සම්බා සහ කීරි සම්බාවල මිල වැඩි වුණ ගමන් ඒවා වපුරන්න ගියාම සුදු කැකුළු සහ නාඩුවල ලොකු හිඟයක් ඇති වෙනවා. ඒ නිසා වී මිල වැඩි වෙනවා නම් මේ වර්ග තුනටම ගොවි මහත්තුරුන්ට සාධාරණ මිලක් ලබාදිය යුතුයි. සම්බා සහ කීරි සම්බා මිල උත්සව සමයේ තවත් වැඩිවෙයි.”

ජනප්‍රිය පුවත්  ඉන්ධන මිල ඉහළට!

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x