January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අපගේ ප්‍රමුඛතාව ඉන්දියානු සාගර කලාපයේ චීන බලපෑමට ප්‍රතිවිරුද්ධ වීමයි! ශ්‍රී ලංකාවේ ආමෙරිකානු නව තානාපති

1 min read

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කර ඇති එරික් මෙයර්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර තිබේ.

එහිදී ඔහු අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රමුඛතාද පෙන්වා දී ඇත.

එම ප්‍රමුඛතා අතර කිහිපයක් ලෙස, එරික් මෙයර් පෙන්වා දී ඇත්තේ, සමුද්‍ර ආරක්ෂාව, ආර්ථික සංශෝධන සහ ඉන්දියානු සාගර කලාපයේ චීනයෙන් වැඩි වන බලපෑමට ප්‍රතිවිරුද්ධ වීම බවය.

සෙනට් විදේශ සබඳතා කමිටුව හමුවේ මෙයර් මහතා පැවසුවේ, ලෝකයේ ප්‍රධාන නාවික මාර්ගවල මධ්‍යස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව නිදහස් හා විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීමට අමෙරිකාව ගන්නා උත්සාහවලදී අතිශය වැදගත් බවය.

එමෙන්ම, චීනය ඇතුළු “විරුද්ධ බලවේගයන්ගේ” බලපෑම් වලට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීම ද ඇමරිකාවේ අරමුණ බව ඔහු සඳහන් කළේය.

ඉන්දියානු සාගරයේ අතිශය කාර්යබහුල නාවික මාර්ගවලට අසළින් ශ්‍රී ලංකාව පිහිටා ඇති අතර අමෙරිකානු නාවික යාත්‍රා සහ ලෝකයේ මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය වන ඛණිජ තෙල් ප්‍රමාණයෙන් විශාල කොටසක් නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා ජල සීමා හරහා ගමන් කරනු බව මෙයර් මහතා ප්‍රකාශ කළේය.

ජනප්‍රිය පුවත්  පෙරෙට්ටන්ටත් පල දේ!

ඔහු තවදුරටත් කියා සිටියේ, තමා තානාපති ලෙස පත්වුවහොත් ප්‍රමුඛතම කාර්යය ලෙස ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සිදුකරනු බවය.

එසේම, ‘දිට්ටා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 600කට අධික පිරිසක් මිය ගොස් ලක්ෂ සංඛ්‍යාත ජනතාව අවතැන් වූ අවස්ථාවේදී අමෙරිකාව ලබාදුන් සහාය ද ඔහු අවධාරණය කළේය.

එහිදී අමෙරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 2ක හදිසි සහාය ලබාදීමටත්, අපගේ හමුදා ගුවන් ප්‍රවාහන හැකියාවන් භාවිතා කර සහන කටයුතු සඳහා සහාය දීමටත් කටයුතු කළ බව ද ඔහු සඳහන් කළේය.

එය ශ්‍රී ලංකාව සමඟ ඇති ශක්තිමත් සහ දිගුකාලීන හවුල්කාරිත්වයේ සාක්ෂියක් බවද එරික් මෙයර් මහා පැවසීය.

ශ්‍රී ලංකාවේ 2022දී ඇති වූ දැඩි ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් පසු නැවත නැඟීසිටීම පිළිබඳවද එරික් මෙයර් මහතා අදහස් දැක්වීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x