January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනුර-බිමල් ගැටුම ඇවිලේ !

1 min read

ජනාධිපති අනුර කුමාර සහ සහ අමාත්‍ය බිමල් රත්නායක අතර හේතු කිහිපයක් මත පදනම්ව බරපතල ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. එම ගැටුම කෙරෙහි ආසන්නව බලපා ඇත්තේ බිමල් රත්නායක අමාත්‍යවරයාගේ පැවැති අමාත්‍ය විෂය පථයෙන් “වරාය සහ ගුවන් සේවා” කොටස ප්‍රමිෂ්කා පෙරේරාගේ උවමනාව මත ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමය. මෙම ගැටුම උග්‍ර වීම හේතුකොටගෙන ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් බිමල් රත්නායක අමාත්‍යවරයාව චීනයේ දින 10 ක සංචාරයක් සඳහා යොමු කර තිබේ. එම සංචාරයට බිමල් රත්නායක අමාත්‍යවරයා සහභාගිවීමට නියමිතව නොතිබුණ ද, මෙම ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමේ පියවරක් වශයෙන් ඔහු එයට සහභාගි කරවීමට ටිල්වින් සිල්වා කටයුතු කර ඇත.

Underground මීට පෙර අනාවරණය කරන ලද අන්දමට (අපගේ මීට අදාළ පෙර පුවත් පරිශීලනය කරන්න) වරාය පිළිබඳ වගකීම බිමල් රත්නායක අමාත්‍යවරයා වෙතින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේ, ඔහුගේ හිතවතිය වූ ප්‍රමිෂ්කා පෙරේරා ගෙන එන ලද වරාය සම්බන්ධයෙන් ව්‍යාපාරික යෝජනාවක් අමාත්‍ය රත්නායක විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමගය. එම ප්‍රශ්නය ප්‍රමිෂ්කා පෙරේරා විසින් ජනාධිපති අනුර කුමාර වෙත ඉදිරිපත් කරන ලද විට, ජනාධිපතිවරයා ඇයට පොරොන්දු වී ඇත්තේ අමාත්‍ය මණ්ඩල සංශෝධයනයක් සිදු කිරීමට නියමිත බැවින් එතෙක් ඉවසන මෙන් ය.

ජනප්‍රිය පුවත්  ණය එක දවසට බිලියන 5.6ක්!!

ජනාධිපතිවරයාගේ මෙම පොරොන්දුව පිළිබඳව ප්‍රමිෂ්කා පෙරේරා කොළඹ ව්‍යාපාරික මිතුරන් හමුවේ ප්‍රකාශ කර තිබේ. එම ඇතැම් පුද්ගලයන් හරහා ප්‍රමිෂ්කා පෙරේරා තම අමාත්‍යධූරය පිළිබඳව පවසන දෑ අමාත්‍ය රත්නායක වෙත සන්නිවේදනය වී ඇතත්, එම අවස්ථාවේ දී ඔහු එය පිළිගෙන නැත. එහෙත් පසුව සිදු වූයේ අදාළ ව්‍යාපාරිකයන් තමන්ට සන්නිවේදනය කරන ලද තොරතුරු සත්‍ය බව තහවුරු කෙරෙන ක්‍රියාමාර්ග බැවින්, බිමල් රත්නායක අමාත්‍යවරයා එමගින් බලවත් කනස්සල්ලට පත් වී තිබේ. අදාළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව ඔහු දින ගණනාවක් අමාත්‍යංශයේ කටයුතු වල නියැලීමෙන්ද වැළකී සිට තිබේ.

ජනාධිපතිවරයා සහ බිමල් රත්නායක අමාත්‍යවරයා අතර මෙම ගැටුම්කාරී තත්ත්වය දිගින් දිගටම වර්ධනය වනු දුටු ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා චීන සංචාරයට අමාත්‍ය රත්නායකව ද සම්බන්ධ කර ඇත. එමගින් අදාළ ගැටුම්කාරී තත්ත්වය තාවකාලිකව යටපත් වී ඇතත්, එය සමනය වී නැතැයි ජ.වි.පෙ. අභ්‍යන්තර ආරංචි මාර්ග අප හා අවධාරණය කළේය.

Underground

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Rashmi Sriyalatha
Rashmi Sriyalatha
2 months ago

මුන්ම මරාගන්නවා දැන්. හික්ස්.

1
0
Would love your thoughts, please comment.x
()
x