අනාගාමික ආණ්ඩුවේ ඇත්ත ගරුසරුව !
1 min read
මේ ඡායාරූපය අයත් වන්නේ, මහනුවර දළඳා පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ආරම්භ වීමේ උත්සව සභාවය. එහිදී මහා සංඝරත්නය පන්සිල් ලබා දීම අරඹන ලද විට, ජනාධිපතිවරයා පමණක් ඊට ගැලපෙන පරිදි සිටගෙන සිටිනු පෙනේ. ඔහුට පිටුපසින් සිටින ආරක්ෂක නිල ඇදුමින් සැරසුනු (STF විය යුතුය) නිලධාරියාද සිටින්නේ පන්සිල් ලබා ගන්නා විට සිටිය යුතු ආකාරයටය. එහෙත්, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා සිටින්නේ අත්දෙක පහළට දමාගෙන ගුලි කරගෙනය. ලාල් කාන්ත අමාත්‍යවරයා සිටින්නේ හමුදා ආචාරයකට සීරුවෙන් සිටින ආකාරයටය ! ජනාධිපතිට වම් පසින් සිටින්නා කවුරුන්දැයි නොදන්නා මුත් ඔහු සිටින්නේද ලාල් කාන්තට ගැලපෙන පරිදිය. ඔහුට එහා පුටුවේ හිටගෙන සිටින්නා සිටින්නේද අත් දෙක පහළට දමාගෙන ගුලි කරගෙනය. ඊටත් එහා පැත්තේ සිටින්නා කරන්නේ පන්සිල් ගැනීම නොව, “සෙල්ෆි” ගැසීමය. මහනුවර දළඳා පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ආරම්භ වීමේ අවස්ථාවට ආණ්ඩුවේ ලොක්කන් “චාරිත්‍රානුකූලව” පෙනී සිටින්නේ මේ අයුරින්නම්, බුද්ධාගමට ලැබෙන “තැන” ගැන තව අමුතුවෙන් සිතා ගත යුතු වේ ද? නායකයන්ගේ නිරාගාමික ආදර්ශය මෙයනම්, ගෝලයන් ගැන කවර කථා ද?
සුපුන් මධුවන්ත
UnderGround
Mewa wenas Kala yutui a a agamika wedawalata prasidda dawas a a agam yodagata yutui who’s the jeram his not a governor.how he used poyaday for his prayer.no need this notice board and security for that.remove this notice board very soon and windrow the security Also.