January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් මොඩියුල පිටපත්, පෞද්ගලික වෙළෙඳ සැල්වල

1 min read

පවතින තත්ත්වය යටතේ පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම අවිධිමත් ක්‍රියාවලියක් බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව අවධාරණය කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දීමට නියමිත මොඩියුල පිටපත්, රජයේ නිල ප්‍රකාශනයටත් පෙර පෞද්ගලික අධ්‍යාපන ආයතන සතු වී ඇති බව උන්වහන්සේ මෙහිදී අනාවරණය කළහ.

පඤ්ඤාසේකර හිමියන් පෙන්වා දෙන්නේ අදාළ මොඩියුලවල පිටපත් මුද්‍රණය කර, ඒවායේ මිල ගණන් පවා පෞද්ගලික වෙළඳ ආයතන මගින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වූහ.

“සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙම මොඩියුල විකිණීමට ඇති බව පවසමින් දැන්වීම් පළ වෙමින් පවතිනවා. රජයේ නිල ප්‍රතිපත්ති සම්පාදකයන් හෝ සැලසුම්කරුවන් පවා නිසි ලෙස දැනුවත් නොමැති මෙම තොරතුරු, පෞද්ගලික උපකාරක පන්ති ක්ෂේත්‍රය වෙත කාන්දු වූයේ කෙසේද යන්න බරපතළ ප්‍රශ්නයක්.”

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සැලසුම්කරුවන් නොදන්නා කරුණු පෞද්ගලික පන්ති මෙහෙයවන්නන් දැනටමත් ප්‍රසිද්ධ කර තිබීම හරහා රජයේ අධ්‍යාපන සැලසුම්වල රහස්‍යභාවය සහ විධිමත්භාවය ගිලිහී ගොස් ඇති බව සංගමයේ ස්ථාවරයයි.

ජනප්‍රිය පුවත්  මිනුවන්ගොඩ නගර සභා සභාපති ඉල්ලා අස්වෙයි

නිසි සූදානමකින් තොරව මෙලෙස පාසල් ආරම්භ කිරීම සහ අධ්‍යාපනය පෞද්ගලික වෙළඳාමක් බවට පත්වීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x