March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අද ශිරන්ති FCIDයට! නාමල් CIDයට

1 min read

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ සහ ඔවුන්ගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, නීතිඥ නාමල් රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේත් අද (03 වැනිදා) දින පෙරවරු 9.30 ට පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

‘‘සිරිලිය සවිය’’ නමැති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සහ එහි ගිණුම් පිළිබඳ කරන විමර්ශනයකට අදාළව ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත එලෙස කැඳවා තිබේ.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සැඟව සිටියදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එලෙස කැඳවා ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේය.

අදාළ විමර්ශනයන්ට අදාළව ශිරන්ති රාජපක්ෂගෙන් සහ නාමල් රාජපක්ෂගෙන් අද දින ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x