November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

අගවිනිසුරුගේ අපචාර මෙන්න! පටබැඳිගේ ගන්න ගහන ගේම!

1 min read

අභියාචනාධිකරණයේ විනිසුරු කුලතුංග මුදියන්සේලාගේ ගිහාන් හිමන්ෂු කුලතුංගගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වී ඇති විනිශ්චයකාර ධුරයක් සඳහා නිර්දේශ කර තිබේ. මෙම නිර්දේශය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

විනිසුරු ගිහාන් කුලතුංග අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කරන ලද්දේ ඉකුත් සැප්තැම්බර් මස 6 වැනිදා ය. ඔහු 2012 වසරේ සිට 2024 දක්වා මහාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කර තිබේ. විනිසුරු ගිහාන් කුලතුංග අභියාචනාධිකරණ විනිසුරුවරුන් අතර ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙලින් සිටින්නේ 9 වැනියාට ය. ඔහුට ඉහළින් විනිසුරුවරුන් වන රොහාන්ත අබේසූරිය, එස්.යූ.බී. කරලියද්ද, ආර්. ගුරුසිංහ, ධම්මික ගනේපොල, මයාදුන්නේ කුරේ, පී. කුමාරරත්නම්, බී.සී. මහේන්ද්‍රන්, එම්.සී.බී.එස්. මොරිස් යනාදීන් සිටිති. එම සියලු දෙනාගේම ජ්‍යෙෂ්ඨත්වය හා පළපුරුද්ද නොසලකා අගවිනිසුරුවරයා විසින් විනිසුරු කුලතුංගව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට නිර්දේශ කර ඇත්තේ, තවත් යටි අරමුණක් මුදුන් පත්කර ගැනීම සඳහා පාර කපා ගැනීම පිණිස බව විනිසුරු සමාජය තුළ සාකච්ඡා වෙමින් තිබේ.

ඉහත දැක්වූ ජ්‍යෙෂ්ඨත්ව අනුපිළිවෙල අනුව දැක්වෙන නාමලේඛනයේ යටින්ම ඉන්නේ (එනම් 19 වැනියාට) ආධිත්‍ය පටබැඳිගේ විනිසුරුවරයාය. ඔහු විනිශ්චකරුවන් අතර ජාතික ජන බලවේගයට පක්ෂපාතී මතයක් ප්‍රවර්ධනය කරන ලද විනිසුරුවරයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සමග නිතර සමීප සබඳතා පවත්වන විනිසුරු පටබැඳිගේ, අධිකරණ විනිසුරන්ට අදාළ බොහෝ තොරතුරු අගවිනිසුරුවරයාට ලබාදෙන අයෙකු වේ.

ජනප්‍රිය පුවත්  පලස්තීන සරණාගතයන් ලංකාවට රැගෙන එයි!

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට උවමාන වී ඇත්තේ විනිසුරු පටබැඳිගේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට ය. එහෙත්, ජ්‍යෙෂ්ඨත්වයෙන් අවසාන පුද්ගලයා ලෙස සිටින විනිසුරුවරයකු එකවරම ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කළ නොහැකි බැවින් ජ්‍යේෂ්ඨත්වයෙන් 9 වැනි ස්ථානයේ සිටින විනිසුරු ගිහාන් කුලතුංගට පළමුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස නිර්දේශ කර, දෙවනුව විනිසුරු පටබැඳිගේව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු බවට පත්කර ගැනීම අගවිනිසුරුගේ උපාය මාර්ගය වී තිබේ.

මෙම උසස් වීම ලබාදෙන අන්දම හේතුකොට ගෙන අධිකරණ විනිසුරන් අතර ඇතිව ඇත්තේ බලවත් නොසන්සුන්තාවකි. තමන්ට මීට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට නොහැකි බැවින්, විපක්ෂය හෝ මේ තත්වයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ හඬ නගනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. එහෙත්, පාර්ලිමේන්තුවේ කිසිදු විපක්ෂ මන්ත්‍රීවරයකු එබදු ප්‍රශ්න පිළිබඳව බලවත් හඬක් නොගැගීම ද බොහෝ විනිසුරන්ට ප්‍රශ්නයක් වී තිබේ.

Underground අධිකරණ වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x