ළමුන් ගාල් කර ජනාධිපති උඩින් යයි!
1 min read
“රටම එකට” ජාතික මෙහෙයුමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන අද (11) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ඒ සදහා සහභාගීවීමට ඔහු පැමිණියේ ගුවන් යානයකිනි. එම ගුවන් යානය බැස්සවීම සිදුකරන ලද්දේ නුවරඑළියේ ක්‍රිීඩාංගණයකට වන අතර එහි ක්‍රීඩා පුහුණුවීම් සිදුකරමින් සිටි ළමුන් විශාල ප්‍රමාණයකට අද එම පුහුණුවීම් සිදුකරගැනීමට නොහැකි විය. ඊට හේතුව වූයේ ජනාධිපතිවරයාගේ පැමිණිම හේතුවෙන් සිදුකළ ආරක්ෂක මෙහෙයුම නිසාවෙනි.
ක්‍රීඩා පුහුණුවීම් සදහා පැමිණි සිටි ළමුන් සියල්ලන්ම පරීක්ෂා කිරීමෙන් අනතුරුව ක්‍රීඩාගාරයට ගාල් කර ආරක්ෂාව තර කර ඇත. රාජ්‍ය නායකයින් ගුවනින් යාම සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් සිදුකරන ලද අනුර කුමාර ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා කළාපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයක් එල්ල වන අතර පහතින් පළ වන්නේ සමාජ මාධ්‍යන්හි සංසරණය වන වීඩියෝවකි.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
