January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හරිනිට ‘‘මාලිමාවකුගෙන්“ ප්‍රහාරයක්. !

1 min read

වත්මන් මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒමට බෙහෙවින් ක්‍රියා කළ එංගලන්තයේ වාසය කරන උවිදු කුරුකුලසූරිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව බරපතල විවේචනයක් සිය මුහුණු පොතේ සටහන් කර තිබේ.

ජනාධිපති අනුර කුමාරගේ සමීප මිතුරෙකු වන උවිඳ පසුගිය දා ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එංගලන්තයට පැමිණි අවස්ථාවේදී ද ඔහුව පෞද්ගලිකව මුණගැසී තිබුණි.

ජ.වි.පෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ උවිදු කුරුකුලසූරිය එංගලන්ත‍යේදී හමුවූ අවස්ථාවක්!

පහත දැක්වෙන්නේ අදාළ කරුණු පිළිබඳව උවිඳ කුරුකුලසූරිය දක්වා ඇති සටහනයි.

මේ කරන්න යන​ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අනුරටවත් නොතේරෙන එක මට හරිම පුදුමයි. මම, හරිනිව අධ්‍යාපන ඇමති කරනවට මුල ඉඳලම විරුද්ධ උනේ සහ කළාට​ පස්සෙත් විරුද්ධ උනේ උන කෙනෙක්. ඒව ප්‍රසිද්ධ විවේචනනෙ. රහසක් නැහැ ඒවගෙ. මොකද එයාට ලංකාවෙ අධ්‍යාපනය ගැන තේරෙන්නෙ නැහැ. එයා ලැබුවෙ වෙන අධ්‍යාපනයක් නෙ.


මේ 2017 සිට හදාගෙන යන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වට්ටෝරුවෙ දිළින්දන්ට විරුද්ධ [Anti-poor] ඒව ගොඩක් තියෙන්නෙ. මේව ජාතික ජන බලවේගයේ ඒව නෙමෙයි. මේව ක්‍රියාත්මක කරන්න නම්, දරුවන්ට පෞද්ගලික පරිගණක තියෙන්නෙ ඕන​, අඩු තරමින් ඉස්කෝලෙවත් තියෙන්න ඕන​. මොඩියුල් ළමයින් ප්‍රින්ට් කරගන්න ඕන ලු. ඉතිං ඕව කරන්නෙ කොහොමද​? දුප්පත් දෙමාපියන්ට සල්ලි දෙනවද ඒව ප්‍රින්ට්කරගන්න රජයෙන්?.


දැක්කෙ නැද්ද කොවිඩ් කාලෙ ඔන්ලයින් උඟන්න ගිහින් වෙච්ච දේ? ලංකාවෙ හරියට හැම තැනටම සිග්නල්වත් නැහැ. දෙමාපියන්ට ෆෝන් එකක්වත් නැහැ. දුෂ්කර පලාත්වල ළමයි හැතැප්ම පහ හය පයින් ගියා ස්මාට් ෆෝන් තියෙන අය හොයාගෙන​. දැක්කෙ නැද්ද ඒ දරුවො විඳපු දුක​. මහ රෑ ඒ දරුවො ගෙවල්වලට ආවෙ. O/L – A/L වගේ ඒව නොතිබුන, ඉන්ටරනෙට්, ෆෝන් නැති දරුවො ගියෙවත් නැහැ පංතිවලට. ඒ අයට කන්නවත් නැහැ. ඔය ගමන් යෑම නිසාම අපයෝජනයට – විශේෂයෙන්ම ලිංගික අපයෝජනයට – ලක්වෙච්ච දරුවන් ගැන තාම සංගණනයක්වත් කරල නැහැ.


වැඩිය ඕන නැහැ, එංගලන්තෙ වගේ රටවල දරුවොන්ට ආණ්ඩුවෙන් ආධාරයක් දෙනව child benefit කියල​. ඒක දෙන්නෙ දුප්පත් දරුවො බලල​. ඒ කියන්නෙ දෙමව්පියන්ගෙ ආදායම බලල ඒ අනුව​. ආයෙත් දෙමාපියන්ගෙ ආදායම අනුව child tax credit කියල එකක් දුන්න කොව්චර ධනවතෙක්ගෙ දරුවට උනත් යම් කිසි මුදලක් ලැබුණ​, දුප්පත් පොහොසත් බේදයක් නැතුව​. ඒක ලැබුන මෑතක් වෙනකං. දැන් ඒක නවත්තලා වෙන ක්‍රම වලට ගැටගහල තියෙන්නෙ. ඔය ඔක්කොම දීලත් නගර සභාවෙන් අහනව දරුවට පරිඝණයක් තියෙනවද හෝම්වර්ක් කරන්න​, ඉන්ටර්නෙට් තියෙනවද ගෙදර කියල​. එහෙම බලල නැත්තං ඒ පහසුකමතුත් දෙනව​. මම මේව ඔක්කොම ගැන රිසර්ච් කරල විස්තර සහිතව අනුරතුමාටත් කියල තියෙනව.


ඉතිං ඒ වගේ ධනවත්කමක් තියෙන රටවල ඔය හරිනිල ගේන්න යන ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන් උනාට භෞතික උදව් නැතුව ලංකාවෙ ඕව කරන්න බැහැ.


අඩු ගානෙ ලොක් කරල මුරකාරයෙක් දාල පඩිගෙවන්න පුලුවන් ඉස්කෝල ලංකාවෙ කීයක් තියෙනවද​? ඉන්ටර්නෙට් පහසුකම් තියෙනවද ඉස්කෝලවලට​? එක මුරකාරයෙක් දැම්මත් මදිනෙ. ඌ බොගක් දාන්නවත් ගියොත් ඕන හොරෙකුට කම්පියුටර් කාමරේ කඩල බඩු උස්සන්න පුළුවන්. ඉතිං ඒ යටිතල පහසුකම් නොහද ඕව එකපාරට කරන්න පුළුවන් ප්‍රතිසංස්කරණ නෙමෙයි. වඩු බඩු තියෙන කාමරත් කඩනව ඉස්කෝලවල ආයුධ උස්සන්න.
මම මේ ඉහත ටික කිව්වෙ, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල සංකල්පමීය වැරදි ගැන බලල නෙමෙයි, [ඒව ගැන මම ගිය අවුරුද්දෙ ඉඳලම පෝස්ට්ස් කීපයක් ලිව්වනෙ]. මේ කරන්නෙ අර ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වලින් දෙන ඩොලර් ආධාරය ලබාගන්න කරන වැඩක් මිස දෙමාපියන්, දරුවන් හෝ රටේ අධ්‍යාපනය ගැන හිතල කරන වැඩක් නෙමෙයි.


මොකක්ද මේ කඩිමුඩිය​? පයිලට් ප්‍රොජෙක්ට්ස් කරල බලන්න පුළූවන්නෙ ඉස්සෙල්ලෙ.


පසු සටහන: පරිඝණක පාසැල් අධ්‍යාපනයට ඕන නැති කාලෙත් මගේ ඉස්කෝලෙ කම්පියුටර් ලැබ් එකක් තිබ්බ. ඒ 86/87 කාලෙත්. ගුරුවරරු දෙන්නෙක් හිටිය. ඒ නුවර ධර්මරාජයේ. ඒව හැදුවෙ මට නිස්කාරණේ ගුටි දීපු ඒත් කප්පරක් අපි වෙනුවෙන් වැඩ කරපු ඒ.පී. ගුණරත්න විදුහල්පති තුමා. ඒ ගුටි දවසට එයාව මම මතක් කළාට, එයාගෙ මේ ගරුකටයුතු වැඩ ගැනත් මම ඉස්සර සිට ලියල කියල තියෙනව. ඒ කාලෙ අපි – run, print, සී කෝලන් බ්ලැක්සෑශ් ග්‍රේටර් දෑන් – වගේ ඒවගෙන් මූලික කම්පියුටර් ෆන්ශන්ස් ඉගෙන ගන්නෙත්. දැන් එක්ස්එල් උනාට අපි උගත්තෙ ලෝටස් 123 😂

මේ ඔහුගේ මුහුණු පොතේ තවත් සටහන් කිහිපයක්!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x