හයේ පොතේ ප්‍රශ්නයට සෝදුපත් බලන්නන්ගෙන් ප‍්‍රශ්න කරයි..
1 min read
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කළ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට අයථා වෙබ් අඩවි ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන මේ වන විට අවසන් අදියරට එළඹ ඇතැයි වාර්තා වේ.
මෙම සිදුවීමට අදාළව දැනටමත් ජාතික අධ්‍යාපන ආයතනයේ උසස් නිලධාරීන් මෙන්ම සෝදුපත් කියවීමේ අංශයේ නිලධාරීන් ඇතුළු හය දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව ද ලබන සතියේදී අමාත්‍යාංශය වෙත ප්‍රදානය කිරීමට නියමිතය.
මීට අමතරව දැනට මුද්‍රණය කර ඇති සියලුම විෂය මොඩියුලයන්හි අන්තර්ගතය පිළිබඳව විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇත.
විද්වත් මණ්ඩලයක උපදෙස් මත සියලු මොඩියුලයන් යළි සමාලෝචනයට භාජනය කෙරේ.
පසුගිය 15 වනදා ජාතික අධ්‍යාපන ආයතනයේ බලධාරීන් රැස්වී මේ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ. .
පද්ධතිය තුළ සිදුවූ මෙම බරපතළ වරද නිවැරැදි කරමින්, ඉදිරියේදී මෙවැනි දෝෂ අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කරමින් ඇතැයිද සඳහන්.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
