March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සිරසේ ”සිරස”

1 min read

lanka underground news සුවිශේෂී අනාවරණයක් සිදු කිරීමට පටන් ගැනීමත් සමග, අපගේ පුවත් වෙබ් අඩවිය අකර්මන්‍ය කිරීමට කිසියම් පාර්ශවයක් විසින් ”සයිබර්” ප්‍රහාරයක් එල්ල කරනු ලැබ තිබේ. දින දෙකක් පමණ පරීශ්‍රමයකින් අනතුරුව දැන් අප එය පරාජය කරනු ලැබ ඇත.

අප මතු කළ සුවිශේෂී අනාවරණය වූයේ, අතීතයේ දී ජ.වි.පෙ. තුළ ඇති වූ බිඳී යාමේ අනුර කුමාර භූමිකාව පිළිබඳ සත්‍ය තොරතුරු ය. එය අපි කතුවැකිය තුළින් ද, ප්‍රධාන පුවත තුළින් ද ක්‍රම ක්‍රමයෙන් අනාවරණය කළෙමු.

මෙහි දැක්වෙන්නේ, ඒ කාලයේ ”සිරස” ටී.වී. විසින් දැමූ ප්‍රචාරක ‘කටවුට්’ එකකි. විමල් වීරවංශට ‘කටුස්සා’ යන අනවර්ථ නාමය පට බඳිමින් දරුණුවට පහර දුන්නේ සිරස ය. ඔහු එයින් ඉවත් වූ වහාම ‘සිරස’ කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශයේ සවිකරන ලද ‘කටවුට්’ වල තිබුණේ මේ දර්ශනයයි.

මෙමගින් පෙනෙන්නේ විමල්ට පයින් ගසා එළියට දැමීමේ අනුර කුමාර බවය. මෙය පැය 24ක් ගත වීමටත් පෙර, මහරාජා ආයතනය ගලවා ඉවත් කළේය.

විමල්ට ගහලා එළියට දැම්මේ අනුර බව ‘සිරස’ට තේරුනේ කෙසේද? ඒ අවබෝධය වෙන කාටවත් එසේ තිබුණේ නැත. අනුර කුමාර ජ.වි.පෙ. නායකත්වය ගත්විට විශාල ධනාත්මක ප්‍රචාරයක් දුන්නේ ‘සිරස‘ය. මේ ‘කටවුට්’ එක ප්‍රදර්ශනයට තබා පැය 24ක් නික්ම යාමටත් පෙර ‘සිරස’ එය ගැලවූයේ කුමන හේතුවක් නිසා ද? බළලා මල්ලෙන් එළියට පැන්නාම බළලාගේ නෑදෑයෝ ඒ බව වසන් කරන්නට කටයුතු කරන්නේ ඒ අයුරින් නොවේද?

ජනප්‍රිය පුවත්  තෝරාගැනීම කුමක්ද?

අද ‘සිරස’ ඉන්නේ ජනාධිපති අනුර සමඟ ය. කොටි පරදවන සටනේ දී ‘සිරස’ සිටියේ ප්‍රභාකරන් මහතා සමඟ ය. මේ අවස්ථා සම්බන්ධයන් සහ ඉහත ඡායාරූපයේ වන ‘අදහස’ විග්‍රහ කර ගත්විට අනුර ගැහුවේ කුමන ගේමක්දැයි නොතේරෙන්නේ කාටද?

මේ ගේම් එකේ තවත් තොරතුරු අප සතුය. අපගේ පුවත් වෙබ් අඩවිය ‘හැක්’ කර අපව පරදන්නට මොන ජගතෙකුටවත් බැරිය. අප ඉදිරියේදී සිදු කරන අනාවරණ රට පුරා පතුරුවන්නට ඔබ පෙළ ගැසිය යුතුය. ඒ, අනුර කුමාර නැමැති රූකඩයාගේ නූල ඇත්තේ කොතන ද යන්න තේරුම් ගැනීම පිණිස ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x