සෑම මසකටම රු: බිලියන 180 බැගින් ණය බර ඉහළට
1 min read
ශ්‍රී ලංකා රජයේ සමස්ත නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය සෑම මාසයකදීම රු: බිලියන 117.79 බැගින් ඉහළ ගොස් තිබේ. 2024 සැප්තැම්බර් අග පැවැති ජනාධිපතිවරණ අවස්ථාව වන විට මෙරට සමස්ත නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය 2025 ජුනි මස අග වන විට රු: බිලියන 1063.13 ක් දක්වා ඉහළ ගොස් ඇත. 2024 සැප්තැම්බර් මස අග වන විට රජයේ සමස්ත නොපිය වූ ණය ප්‍රමාණය රු: බිලියන 28574.65ක වූ අතර, 2025 ජුනි මස අග වන විට එය රු: බිලියන 29634.78 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව රජයේ සමස්ත නොපිය වූ ණය ප්‍රමාණය සෑම මාසයකදීම රුපියල් බිලියන 117.79 බැගින් ඉහළ ගොස් ඇත.
එසේම මෙරට දේශීය ණය ප්‍රමාණය 2024 සැප්තැම්බර් මස අග වන විට රු: බිලියන 18806.08 ක් බවට පත්වී තිබේ. ඒ අනුව මාස 09ක් තුළ දේශිය ණය ප්‍රමාණය රු: බිලියන 1211.03කින් ඉහළ ගොස් ඇත.
මීට සමගාමීව ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය 2025 මාර්තු මාසයට සාපෙක්ෂව මේ වන විට පහත වැටී තිබේ. 2025 මාර්තු වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 6531ක් ලෙස පැවති එම සංචිතය 2025 අගොස්තු වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 6178ක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 353කින් පහත වැටී තිබේ.
2023-2024 කාලය තුළ මාසයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක වර්ධනයක් සහිතව වර්ධනය වෙමින් තිබූ මෙරට විදෙස් සංචිතය මේ වසර අවසානය වන විට අත්පත් කර ගැනීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 7500 ඉලක්කයට යාමේ දුෂ්කරතාවක පසුවන බව ද ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
නුවන් ශ්‍රී බෙල්ලන Underground වාර්තාකරු




