සමරිසි සංචාරක ප්‍රවර්ධන ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි!
1 min read
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
අදාල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළා.
ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මෙම පෙත්සම මාර්තු මස 04 වැනිදා කැඳවන ලෙසත් අධිකරණය නියම කළා.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
