January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකාවේ රජයේ අසමත්කම The Times Of India හෙළිකරයි

1 min read

ශ්‍රී ලංකාවේ රජය සහ නිලධාරීන් දිත්වා සුළි කුණාටුව නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දැඩි පීඩනයකට මුහුණ දී සිටින අතර, අර්බුදය රටේ සියලුම අංශ වෙත කාන්දු වී ඇති බව ‘ ද ටයිස්ම් ඔප් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කරයි.

එම වෙබ් අඩවියෙහි වැඩිදුරටත් සදහන් කරයි.

සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා හමා ගොස් දින කිහිපයකට පසු, රටේ දිස්ත්‍රික්ක 25 පුරාම මිලියන 1.46 කට අධික ජනතාවක් දශක දෙකකින් දිවයිනේ දරුණුතම ගංවතුර ව්‍යසනයෙන් පීඩාවට පත්ව සිටිති.

රජයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, නිල මරණ සංඛ්‍යාව 410 ක් වන අතර පුද්ගලයින් 336 ක් තවමත් අතුරුදහන් වී ඇත.

බලපෑමට ලක් වූ පවුල් 407,000 කට අයත් පුද්ගලයින් 64,000 කට වැඩි පිරිසක් රට පුරා රජය විසින් පවත්වාගෙන යනු ලබන ආරක්ෂක මධ්‍යස්ථාන 1,450 කට ආසන්න සංඛ්‍යාවක නවාතැන් ගෙන සිටිති.

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සුළි කුණාටුවෙන් පසු ඇති වූ බලපෑම්වලට මුහුණ දීම සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ජනප්‍රිය පුවත්  හොරණ අය වැය කටු කරකවා සම්මත කරයි! විපක්ෂය පොලීසියට!

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික මහජනතාගේ විශ්වාසය මේ වන විට ගිලිහෙමින් පවතින බවත් රාජ්‍යයේ ප්‍රතිචාරයන්
ගැන වැඩි වැඩියෙන් කලකිරීමට පත්ව ඇති බව බවත් දක්නට ලැබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x