March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රීලනිපයේ අපට ජනාධිපති, අගමැති සිහින නෑනේ…!

1 min read

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ජන­පති, අග­මැති සිහින නොමැති බවත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති, හිටපු ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා පවසයි.


“ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ව්‍යව­ස්ථාව සංශෝ­ධ­නය වී තිබුණේ නෑ. එහි බලය තිබුණේ සභා­ප­තිට. ඒ නිසා එක ගල­කින් කුරුල්ලෝ දෙන්නෙක් මරා­ගන්න ඕනෙ කියලා මට හිතුණා. ඒ අනුව චාම­රට මම තන­තුර බාර දුන්නා.


පෞද්ග­ලික අභි­මා­න­යට වඩා බදුල්ල දිස්ත්‍රි­ක්ක­යට සුවි­ශේෂී අභි­මා­න­යක් මින් ලැබෙ­නවා. මේ රටට වැඩක් කළේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යයි. සභා­පති සහ ලේකම් හැරුණු විට තුන්වැනි ස්ථානය ජාතික සංවි­ධා­යක තන­තු­රට හිමි වෙනවා. කැඩී විනාශ වී ගිය ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ඒක­රාශි කිරීමේ වැඩ­පි­ළි­වෙළ අපි කර­ගෙන යනවා.”


ඔහු මේ බව පැව­සුවේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ජාතික සංවි­ධා­යක චාමර සම්පත් දස­නා­යක මහතා පිළි­ගැ­නී­මට බදුල්ල තැපැල් පරිශ්‍ර ශ්‍රව­ණා­ගා­රයේ සංවි­ධා­නය කර තිබූ උත්ස­වය අම­ත­මිනි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x