January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වෙනිසියුලාව පාලනය කරන්නේ වෙනිසියුලානු රජය – කිසිවකුටත් යටත් වෙන්නේ නෑ – වෙනිසියුලා නව ජනපතිගෙන් ට්‍රම්ප්ට උත්තරයක්

1 min read

වෙනිසියුලාව කිසිවකුටත් යටත් නොවන බවත් වෙනිසියුලාව පාලනය කරනු ලබන්නේ වෙනිසියුලානු රජය බවත් වෙනිසියුලානු අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් මහත්මිය එරට රාජ්‍ය රූපවාහිනී නාලිකාව ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළාය.

ඇමෙරිකාවට හෝ වෙනත් කිසිම පාර්ශ්වයකට වෙනිසියුලාව පාලනය කළ නොහැකි බවද ඇය සඳහන් කළාය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා තමන්ට පුද්ගලිකව තර්ජනය කර ඇති බවත් තමගේ දෛවය තීරණය කරනු ලබන්නේ දෙවියන් මිස ඇමෙරිකාව නොවන බවත් එයට තමා ලබාදෙන පිළිතුර බවත් අන්තර්වාර ජනාධිපතිවරිය පැවැසුවාය.

තම ජනතාව ඉතාමත් සාමකාමී බවත් වෙනිසියුලානු ජනතාව වෙනත් කිසිවකුට කරදරයක් නොවී ඔවුන්ගේ ගමන් මාර්ගයේ ගමන් කරන පිරිසක් බවත් රොඩ්රිගස් මහත්මිය කීවාය.

වෙනිසියුලානු ජනතාව අධ්‍යාත්මික වශයෙන් වර්ධනය වූ පිරිසක් බවත් තම ජනතාවට අභියෝග, තර්ජන හා ආක්‍රමණශීලීත්වයට මුහුණ දෙමින් ඉදිරියට ගමන් කිරීමට හැකියාව තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x