March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විරෝධතා කරන්නේ දූෂිත කාලකන්නි…! – ඇමති ලාල්කාන්ත…

1 min read

පසුගිය මහා මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති කර තිබෙන අතර වත්මන් ආණ්ඩුව හෙල්ලීමට කිසිම ජගතෙකුට නොහැකි බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

“පහුගිය පාර්ලිමේන්තු ඡන්දෙදි 159ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපිට ලබා දුන්නා. ලංකාවේ සමානුපාතික ඡන්ද ක්‍රමය ආවට පස්සේ පාර්ලිමේන්තුවට 159ක් එක පක්ෂයකින් කවදාවත් මහජන නියෝජිතයෝ ලබා දීලා නැහැ. මේ තමයි පළවෙනි වතාව. ඉන් රටේ දේශපාලන ස්ථාවර බවක් හදලා තියෙනවා. කිසිම ජගතෙකුට පාර්ලිමේන්තුව හොල්ලන්න බැහැ.

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් ඉන්නවා මේ රටේ. එයාලට පාර්ලිමේන්තුව ඇතුළෙත් පිටතත් ඉඩක් නැහැ. පැරදුණු බලවේගවල පිටුපස සිටි කණ්ඩායම් විවිධ උද්ඝෝෂණ කරමින් ජාතිවාදී හැඩයෙන් බොරු ප්‍රචාර කරමින් දේශපාලන අස්ථාවරභාවයක් රටේ හදන්න හදනවා. ඒත් ජනතාව දැන් ඒවාට අහුවෙන්නේ නැහැ.

ලංකාවේ වී මිලදී ගැනීම නතර කරලා තිබුණා. දැන් අපි ඒක පටන් ගත්තා. ගොවියාට සාධාරණ මිලක් දුන්නේ නැහැ. ගොවියෝ මේ රටේ වහ බිව්වා. එහෙම ඉතිහාසයක ගොවි ජනතාව දුක් වින්දා. ඒ නිසා ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න වී සඳහා නිසි මිලක් දීලා තියෙනවා. අපේ කෘෂිකර්මාන්තය බිඳ වැටුණු නිසා නේද අපේ දුප්පත් දෙමව්පියන්ගේ දියණියෝ ගාමන්ට් යන්න පටන් ගත්තේ අම්මලා විදේශ රැකියාවලට යන්න ගත්තේ. මේක නඟා සිටුවන්න නම් ගොවිජන ආර්ථිකයට නවෝදයක් හදන්න ඕනේ. ඒක තමයි අපේ අරමුණ. තමන් නිෂ්පාදනය කරන දෙයට හොඳ මිලක් ලැබෙන්න ඕනේ.

ජනප්‍රිය පුවත්  පෑලියගොඩ නගර සභාවේ අයවැයත් මාලිමාව පරාදයි!

මේ තත්ත්වය ප්‍රතිගාමී බලවේගවලට කඩාකප්පල් කරන්න දෙන්න එපා. අපි සහලින් ස්වයංපෝෂිතයි. හැබැයි හාල් මිල අඩු කරගන්න නිෂ්පාදනය වැඩි කරගත යුතුයි. කිරි නිෂ්පාදනය වැඩි කරගන්න වැඩසටහනකට යමින් ඉන්නවා. දැන් එක ටින් මාළු ටින් එකක් පිටරටින් ගේන්නේ නැහැ. එළවළු ගේන්නේ නැහැ පිටින්. මුං ඇට ගේන්නේ නැහැ පිටින්. අපි කහ ගේන්නේ නැහැ. අපට තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා බඩඉරිඟු. බඩඉරිඟු 50%ක් ගේන්නේ පිටින්. ඒකටත් අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

දැන් අපි බලනවා නාඩු 120ට ගන්න කියද්දි ඊට අඩුවෙන් ගන්න බැරි වෙන්න නීතියක් ගේන්න. එතකොට 120ට අඩුවෙන් ගන්න බැහැ. 120ට වැඩියෙන් ගන්න පුළුවන්. ගොවිජන ජීවිතය හදලා රටේ ආර්ථිකය හැදුවොත් අපේ රටේ ප්‍රශ්නවලින් 80%ක්ම ඉවර වෙනවා. ඒ සඳහා ඔබ අපිට මේ යුතුකම් ටික ඉෂ්ට කරලා දෙන්න. දේශපාලන ස්ථාවරත්වය නැති කරන්න ඉඩදෙන්න එපා. ජාතිවාදයට ඉඩදෙන්න එපා. ලබන 17 වෙනිදාට ගේනවා පනතක්. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත.”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ ඇල්ල – මාවිල්ආරු ගොවි ව්‍යාපාරය නැවත ගොඩනැඟීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

ජනප්‍රිය පුවත්  ත්‍රිකුණාමල වෙරළ සංරක්ෂණ නීති පන්සලට විතරයි… අලුතින්ම ඉදිවෙන කෝවිල මෙන්න….!

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x